ජනපති සමග සාකච්ඡාවෙන් පසු මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අවසන්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර
අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
වින්ච් යන්ත්‍ර යොදාගනිමින් මාදැල් ධීවර කර්මාන්තය සිදුකරගෙන යාමට අවස්ථාව ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත ධීවරයින්ට අද (13) පස්වරුවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දී තිබුණි.
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ධීවරයින් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 5 වැනිදාය.