නේපාලය තවත් මාරකයක් අභියස - නේපාලයෙන් අස්ථාවර ජලාශයක් නිර්මාණය වෙයි

Report

චීන - නේපාල දේශසීමාවේ හදිසි ගංවතුර තත්ත්වයේ බලපෑම හේතුවෙන් වර්ග කිලෝමීටර් 0.7ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම බිමටම සමතලා වී ඇති බව චීන විද්‍යා ඇකඩමිය පවසයි.

මේ අතර, මීට පෙර මඩ සහ ගල්පර කඩාවැටීමෙන් නිර්මාණය වූ වේල්ලෙන් පහළ කොටසේ තවත් අස්ථාවර ජලාශයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන්ව සිටින සංඛ්‍යාව 2,500 වැඩි බව සඳහන් වේ.

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා

ලංකාවම කැළඹෙන ආරංචියක් - ලංකා මුහුදු තිරයේ විශාල තෙල් හා ගෑස් නිධි දෙකක් මතුවෙලා

හිමාල කඳුවැටිය ආශ්‍රිතව පිහිටි, මීටර් 7,245ක දැවැන්ත උසකින් යුත් මේ ලැංටැං ලිරුං කඳුවැටියේ සිදුවූ ග්ලැසියර නායයෑමත් සමඟ නේපාලය සහ ටිබෙටයේ පහත්බිම් රැසක් හදිසි ගංවතුර තත්ත්වයකට මුහුණ පා ඇත. වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ මෙම විශාල ජල කඳ පැයට කිලෝමීටර් 100ත් 200ත් අතර වේගයකින් පහත් නිම්න වෙත ගලාවිත් ඇති බවටයි.

එම රුදුර ජල කඳ පළමුව කඩා වැදී ඇත්තේ නේපාල - ටිබෙට් දේශසීමාවේ පිහිටි ගිරොන්ග් වරාය නගරයට වන අතර එහි තිබුණු දේශසීමා ආගමන විගමන කාර්යාලය ද ජලයෙන් යටවිය.

මාරාන්තික වෛරසයෙන් ලංකාවට දැඬි බලපෑම් - බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වෙමින් පවතී

මාරාන්තික වෛරසයෙන් ලංකාවට දැඬි බලපෑම් - බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වෙමින් පවතී

චීන මාධ්‍ය පවසන්නේ ග්ලැසියර කඩාවැටුණු ස්ථානයේ සිට විනාඩි 7ක් ඇතුළත ගීරොන්ග් වරාය ප්‍රදේශයට ජල කඳ කඩා වැදී ඇති බවයි. එමෙන්ම එම ජල කඳ තත්පරයට මීටර් 50ක වේගයකින් තවදුරටත් ගලා ආ බව ද චීන මාධ්‍ය වාර්තා කරයි. චීන බලධාරීන් පවසන්නේ ටිබෙට් දේශසීමාවට බලපෑ මෙම ව්‍යසනයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස්, තවත් 546 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ඒ අතරට රටවල් 23ක විදේශිකයින් 261 දෙනෙකු අයත් බව වාර්තා වන අතර මෙවන් පසුබිමක චීන - නේපාල දේශසීමාවේ මීට පෙර මඩ සහ ගල්පර කඩාවැටීමෙන් නිර්මාණය වූ වේල්ලෙන් කිලෝමීටර් 2.8ක් පමණ පහළින් තවත් අස්ථාවර නව ජලාශයක් නිර්මාණය වෙමින් පවතින බවට වාර්තා වේ.

මුල් වේල්ලෙන් ස්වභාවිකව ජලය බැස යමින් තිබුණද, ඊට පහළින් නව අවහිරතා සහ ජලාශයක් නිර්මාණය වීම නිසා පහළ ප්‍රදේශවල ජනතාවට සහ මුදාගැනීමේ කණ්ඩායම්වලට යළිත් වරක් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇති බව සඳහන් වේ. මේ අතර ගංවතුර තත්ත්වයෙන් දැඩිව බලපෑම් එල්ලවූ නේපාලයේ සමස්ත මරණ සංඛ්‍යාව 788 දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 2,502කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින අතර සමස්ත අතුරුදන් වූ සංඛ්‍යාව 3,000කට ආසන්න විය හැකි බව වාර්තා වේ. අතුරුදන්වූවන් අතර ප්‍රදේශවාසීන්ට අමතරව විදෙස් සංචාරකයින් සහ විවිධ ව්‍යාපෘතිවල සේවය කළ විදේශීය සේවකයින් රැසක් ද වේ. නේපාල සංචාරක මණ්ඩලය පවසන්නේ ව්‍යසනයට මුහුණදුන් විදේශකයින් 261 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් විදේශකයින් 320කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවයි.