නේපාලයම බියෙන් සලිත වෙයි - ඛේදවාචකයේ විලාප මැද තවත් හදිසි ජලගැලීමක් ගැන අනතුරු අඟවයි

Report

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර හේතුවෙන් දහස් ගණනක් ජනයා පීඩාවට පත්ව තිබෙන අතර, අවම වශයෙන් 160 දෙනෙකු මිය ගොස් සිය ගණනක් අතුරුදහන් වී තිබෙනවා.

තවමත් ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින පසුබිමක විද්‍යාඥයින් සහ බලධාරීන් අනතුරු අඟවන්නේ රට තවත් එවැනිම ව්‍යසනයකට මුහුණ දිය හැකි බවයි.

ඒ අනුව ඒකාබද්ධ කඳු සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICIMOD) සහ නේපාල රජය මඟින් කරන ලද විද්‍යාත්මක තක්සේරු කිරීම් මඟින් ග්ලැසියර විල් 47ක් භයානක ග්ලැසියර විල් (PDGL) වශයෙන් හඳුනාගෙන ඇත.

ලොවක් කම්පා කළ නේපාලයේ ඇති වූ හදිසි ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 160 දක්වා ඉහළට - 400කට වැඩි පිරිසක් අතුරුදහන්

ලොවක් කම්පා කළ නේපාලයේ ඇති වූ හදිසි ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 160 දක්වා ඉහළට - 400කට වැඩි පිරිසක් අතුරුදහන්

එසේම මෙම විල් ග්ලැසියර විල් පිටාර ගැලීම් ගංවතුර (GLOFs) ඇති කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

එමඟින් නේපාලයේ ගංගා පද්ධතිවලට විනාශකාරී ජල පරිමාවක් යවනු ලැබේ.

විල් 47 න් 21 ක් නේපාලයේ පිහිටා ඇති අතර 25 ක් ටිබෙටයේ පිහිටා ඇති අතර ඒවා දේශසීමා විල් වශයෙන් වර්ගීකරණය කර ඇති බව සඳහන්.  

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්