නෙළුම් කුලුනේ විවෘත කරන වෙලාව වෙනස් වෙයි..විශේෂ දැනුම්දීමක්..
By Aruna
නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 25 සහ 26 යන දෙදින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත්, දෙසැම්බර් 27 වනදා පෙරවරු 9 සිට රාත්‍රි 11 දක්වාත් නෙළුම් කුලුන විවෘතව තැබෙනු ඇති බවයි පැවසෙන්නේ.
මීට අමතරව දෙසැම්බර් 31 වැනිදා සහ ජනවාරි 01 වැනිදා යන දින දෙකෙහිම පෙරවරු 9 සිට පසුදින අලුයම 1 දක්වා නෙළුම් කුලුන විවෘතව තැබීමට නියමිතව ඇත.
You May Like This Video