මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් – ප්‍රතිසංස්කරණය අවසන් වනතුරු නුසුදුසුයි

Report

පසුගිය ජූලි 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වයෙන් අනතුරුව එම පරිශ්‍රයේ රැඳවියන් තවදුරටත් රඳවා තැබීම සුදුසු නොවන බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බැවින් මීගමුව බන්ධනාගාරය මේ වන විට අපරාධ ස්ථානයක් ලෙස සලකා කටයුතු කරනු ලබයි. එමෙන්ම ප්‍රචණ්ඩකාරී සිදුවීම හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති බවද සඳහන් කර ඇත.

විමර්ශන නිලධාරීන්ට ආරක්ෂිතව විමර්ශන සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ විමර්ශන අවසන් වූ වහාම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අරමුණින්, එහි සිටි බොහෝ රැඳවියන් තාවකාලිකව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

පවතින බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුබසාධනය සැලකිල්ලට ගනිමින්, තවත් සුදුසු පරිශ්‍රයන් තාවකාලිකව බන්ධනාගාර ලෙස භාවිතයට ගැනීමේ අවශ්‍යතාව මතුව ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, මීගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වනතුරු "මහමෝදර" සහ "පැරණි බෝගම්බර" පරිශ්‍ර බන්ධනාගාර ආඥා පනත යටතේ තාවකාලික බන්ධනාගාර ලෙස නම් කිරීමට අදාළ නියමයන් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත