තෝව අහුවුණොත් මරනවා එළියෙදී අහුවෙන්න එපා - රැඳවියන්ට එළියට එන්න නොදුන් නිලධාරියට මරණ තර්ජන - ගැටුම මෙහෙයපු සුරේෂ්ටත් රැඳවියන්ගෙන්ම ඇවිද ගන්න බැරි වෙන්නම අමානුෂික ප්‍රහාර

Report

පසුගිය දා ඇති වූ මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම අතරතුර දොරටුව බිඳගෙන රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීමට වෙඩිතැබූ බන්ධනාගාර නිලධාරියාට කළහකාරීව හැසිරුණු රැඳවියන් විසින් මරණ තර්ජන සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ "තෝව අහුවුණොත් මරනවා. එළියෙදී අහුවෙන්න එපා, මරනවා" යනුවෙන් බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු මෙදින හටගත් හදිසි අවස්ථාවේ සේවයට වාර්තා කර ඇත්තේ ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටියදී බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට බන්ධනාගාර දොපර්තමේන්තුව මඟින් අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව පවසයි.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාට මේ වනවිට රඳවා සිටින බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් අමානුෂික ආකාරයට පහරදී ඇති බව වාර්තා වේ.

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

ඒ හේතුවෙන් ඔහුට ඇවිදගැනීමට පවා අපහසු තත්ත්වයක් ඇති වී තිබෙන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම මීගමුව බන්ධනාගාරයේ ගැටුම කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තා සමග ඔහුගේ සහචරයින් 13න් දෙනෙකු එක්ව සිදුකර ඇති බවද මේවන විට හෙළිව තිබෙනවා.

ඒ අතර රොකී නැමැති රැඳවියෙක් ද සිටින අතර ඔහු සුරේෂ් නැමැත්තා හා එක්ව සම්පූර්ණයෙන්ම ගැටුම මෙහෙයවා සැඟවී සිට ඇති බව සඳහන්.

වාර්තා වූ ආකාරයට ගැටුම ඇති වූ පසු ඔහු විසින් කිසිවකට සම්බන්ධ නොවූ අයුරින් බන්ධනාගාර නිලධාරීන් සමඟ එක්ව අනෙක් රැඳවියන් හට ආහාර පාන බෙදාදීමට එක්ව තිබෙනවා. එම 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බව සඳහන්.

පොළොවට පස් වෙන්නත් කළිත් නිලධාරීන්ව මිලේච්ඡ ලෙස ඝාතනය කළ හැටි එළිවෙයි - රටම කම්පා කරමින් එළියට ආ මරණ පරීක්ෂණ වාර්තා

පොළොවට පස් වෙන්නත් කළිත් නිලධාරීන්ව මිලේච්ඡ ලෙස ඝාතනය කළ හැටි එළිවෙයි - රටම කම්පා කරමින් එළියට ආ මරණ පරීක්ෂණ වාර්තා

ඊට අමතරව මීගමුව බන්ධනාගාරය භාරයේ තිබු රිපිටර් වර්ගයේ අවි 22 ක් හා T58 වර්ගයේ ගිනිඅවි 10 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව ද සඳහන්.

එමෙන්ම බන්ධනාගාරයෙහි වූ සෙසු ගිනිඅවි ද විමර්ශන සඳහා එම දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට නියමිත බව පවසයි. එමෙන්ම බන්ධනාගාරයට අයත් අතුරුදන්ව තිබූ රිපිටර් වර්ගයේ ගිනි අවියද බන්ධනාගාරය තුළ තිබියදීම සොයාගෙන ඇත.

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්