පොළොවට පස් වෙන්නත් කළිත් නිලධාරීන්ව මිලේච්ඡ ලෙස ඝාතනය කළ හැටි එළිවෙයි - රටම කම්පා කරමින් එළියට ආ මරණ පරීක්ෂණ වාර්තා
ඉකුත් දා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ආකාරයෙන් පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, හිසට සිදු වූ බරපතළ තුවාල නිසා එම නිලධාරීන් මියගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් මඟින් ඉකුත් ජූලි 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩ සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළා.
ඒ අනුව, මරණ 14ක් වෙඩි වැදීමෙන් සිදුව ඇති බවත්, තවත් මරණ 9ක් පහරදීම් නිසා සිදුව ඇති බවත් මරණ පරීක්ෂණවලදී හෙළි විය. එමෙන්ම එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇත.
පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්
මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර නියාමකවරයාගේ මරණය සම්බන්ධයෙන් ද අද (09) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන අතර, එම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම ද අවසන් කර ඇති බව වාර්තා වේ.
එසේම මීගමුව රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහ 28 අතරින් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන් කර මෘතදේහ ඔවුන්ගේ ඥාතීන්ට භාරදී තිබෙන අතර, ඉතිරි මෘතදේහ හතර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව සඳහන්.
මෙ අතර එම පිරිස අතර ඉන්දීය ජාතිකයකු ද සිටින බව සඳහන් වේ.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වෛද්‍ය සුජීව වික්‍රමනායකගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබේ.
එම කණ්ඩායමට වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, වෛද්‍ය සමන්ත විජේරත්න, වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ වෛද්‍ය රමේෂ් අග්ගියාවන්න යන වෛද්‍යවරුන් ඇතුළත්.
ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය ඉකුත් 7 වැනි දින මියගිය බන්ධනාගාර නිලධාරීන් අට දෙනා සහ රැඳවියන් 21 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නියෝග කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කර තිබුණා.
ඊට අමතරව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනයක් මඟින් සඳහන් කළේ සිද්ධියෙන් පසු මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් වශයෙන් සැලකෙන බැවින් එහි රැඳවියන් තවදුරටත් රඳවා තැබීම සුදුසු නොවන බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් බන්ධනාගාර බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්රචණ්ඩ සිද්ධියෙන් බන්ධනාගාර පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, එම හානිය පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙතෙක් සකස් කර නොමැති බවයි.