අද තරඟයේ ප්‍රතිවාදීන්ගෙන් නෙදර්ලන්තයට ලැබුනු අභියෝගය මෙන්න.

By Aruna Oct 18, 2022 06:07 AM GMT
Report

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීම වෙනුවෙන් අද දිනයේ පැවැති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම ලකුණු 121ක් රැස්කර ගැනීමට සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව නැමීබියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවී ලකුණු 121ක් රැස්කර ගැනීමට සමත් විය.

ජාන් ෆ්‍රයිලින්ක් ලකුණු 43ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහරක් සමගයි.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත පිල වෙනුවෙන් බාස් ඩි ලීඩි කඩුළු දෙකක් දවා ගැනීමට සමත් විය.

මෙම තරගය ජය ගැනීම සදහා නෙදර්ලන්තය ලකුනු 122ක් රැස්කර ගත යුතු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now