කල්පිටියේදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා වියළි ඉඟුරු තොගයක් නාවික හමුදා භාරයට

Report

කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි ඉඟුරු තොගයක් නාවික හමුදාව විසින් අද (13) සිය භාරයට ගෙන තිබේ.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා 'විජය' ආයතනය මගින් තලවිල මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ සැකකටයුතු උර 26ක් පරීක්ෂාවට ලක්කර ඇත.

ග්‍රෑන්ඩ්පාස් නිවාස පෙළක දරුණු ගින්නක් - නිවාස 8ක් සම්පූර්ණයෙන් විනාශයි

ග්‍රෑන්ඩ්පාස් නිවාස පෙළක දරුණු ගින්නක් - නිවාස 8ක් සම්පූර්ණයෙන් විනාශයි

එහිදී උර තුළ තිබී කිලෝග්‍රෑම් 1,189කට අධික වියළි ඉඟුරු තොගයක් සොයාගැනීමට හැකිව තිබේ. නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් මෙම ඉඟුරු තොගය අතහැර දමා යන්නට ඇති බවට සැකකෙරේ.

නාවික හමුදා භාරයට ගත් අදාළ වියළි ඉඟුරු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.

මේ ප්‍රදේශවලට අවදානම් - විශේෂ අනතුරු ඇගවීමක්

මේ ප්‍රදේශවලට අවදානම් - විශේෂ අනතුරු ඇගවීමක්