දිවි ගලවාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට

Report

නාවික හමුදාව විසින් දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා  අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වාරයට රැගෙන විත් ඇත.

ඒ දින දින 13කට පසුවයි.

මෙම යාත්‍රාව බහුදින අගෝස්තු මස 31 වන දින ධීවරයින් 6 දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත.

ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු දැනුම් දුන් බවයි.

මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් 6දෙනාගෙන් එක් අයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇත.

එවගේම තවත් අයෙක් දින 11කට පමණ පසුව මියගොස් තිබේ.

නාවික හමුදාව වෙත තොරතුරු ලැබුණේ එහිදි අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් මුදාගෙන ඇති බවයි.

නාවික හමුදාව කටයුතු කළේ එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් පිටත්කර හැරීමටයි .

තවද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු දැනුම්දී ඇති බවයි.

අනතුරට ලක් වූ යාත්‍රාව තුළ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවකින් බේරාගෙන තිබුණේ අදාළ ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරන වෙළෙඳ නෞකාවක් විසින් වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට මඟින් සිදුරළ නෞකාවේ කපිතාන් මහේෂ් කුලසිරි මහතාට පණිවුඩ හුවමාරු මේ බව දැනුම්දී තිබුණි.

ඒ අනුව වෙළෙඳ නෞකාව විසින් රැගෙන එනු ලැබූ ධීවරයින් ලබාගැනීම සඳහා විශේෂ නාවික කණ්ඩායමක් ඊයේ (30) පිටත්කර යවා තිබුණි.

එලෙස ආ ධීවරයින් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමුකර ඇත.

ඒ අතරින් ධීවරයින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල වී සිටි බව සදහන් වේ.

මියගිය එක් ධීවරයෙක් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඊ.ඩී.ආර් නවෝදන නම් පුද්ගලයා වේ.

එ වගේම මියගිය අනෙක් පුද්ගලයා දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එච්.ඒ.ඩි සුරංග යන අයයි.

මෙම   සිදුවීමෙන්  දිවි බේරාගත් පුද්ගලයින් වනුයේ , පෝෂිත නිමන්ත, ශානක අමිල,ඕෂාන් මදුසංක, ධම්මික ලක්මාල් යන සිව්දෙනාය.

ඉන්දුනිසියානු නෞකාව විසින් මියගිය ධීවරයින්ගේ මෘත ශරීරය භාරගැනීමට කැමැත්ත පළ කර නොමැති වීම හේතුවෙන් එම මළ සිරුරු අතහැර දමා පැමිණ තිබේ.