හමුදා සෙබලෙකුගේ මළසිරුරක් හමුවෙයි ගංවතුරෙන් මිනිස්සු බේරගන්න ගියාට වුණ වැඩේ

Report

පැවති අධික වර්ෂාවත් සමඟ චලෙයි ප්‍රදේශයේ ගංවතුර අවදානම අවම කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී දියේ ගිලී අතුරුදන් වූ නාවික හමුදා සාමාජිකයින් පස් දෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

පසුගිය 30 වැනිදා පැවති අධික වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර අවදානම් අවම කිරීම සඳහා චලෙයි මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමක නිරතව සිටි නාවික හමුදා සාමාජිකයින් පස් දෙනෙකු අතුරුදන්ව තිබේ.

ආයෙත් අවදානම් නිවේදන කට්ටිය ප්‍රවේශමෙන්

ආයෙත් අවදානම් නිවේදන කට්ටිය ප්‍රවේශමෙන්

ඔවුන් සෙවීම සදහා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර ඉන් එක් නාවික හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් පුදුමාතලන් වෙරළ තීරයේ තිබී සොයාගැනීමට හැකිවු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ චලෙයි නාවික හමුදා අනු කණ්ඩයට අනුයුක්තව රාජකාරී කළ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සාමාජිකයෙක් බව සඳහන් වෙයි. අතුරුදන් වු සෙසු සිව්දෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඉන්ධන පිරවුම්හල් හානි වෙලා ආයෙත් තෙල් ගන්න පෝලිමේද?

ඉන්ධන පිරවුම්හල් හානි වෙලා ආයෙත් තෙල් ගන්න පෝලිමේද?