නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර විශේෂ හමුවක්

Report

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස අභිනවයෙන් පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර විශේෂ නිල හමුවක් අද (17) පොලිස් මූලස්ථානයේදී පවත්වා තිබේ.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පොලිස් මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාපතිවරයාව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, නව නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් එහිදී සිය හෘදයාංගම සුභාශිංසන ද පිරිනැමීය.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

මෙම නිල හමුවේදී රටේ නීතිය හා සාමය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ අනෙකුත් සංවිධානාත්මක නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක මෙහෙයුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එහිදී ඉදිරි ඒකාබද්ධ මෙහෙයුම් සඳහා අවශ්‍යතාවය අනුව ශ්‍රී ලංකා පොලීසිය වෙත නාවික හමුදාවේ උපරිම සහයෝගය අඛණ්ඩව ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය.

ආයේ මේ විදිහට බස් ධාවනය කළොත් වැඩ වරදියි - විශේෂ නීතියක්

ආයේ මේ විදිහට බස් ධාවනය කළොත් වැඩ වරදියි - විශේෂ නීතියක්

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් පසු පොලිස්පතිවරයා සමඟ පැවැත්වූ ප්‍රථම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද මෙහිදී සිදු විය.