දවස් 7ක් වහන්න තරම් ප්‍රබල වුණ නවගමුව දේවාලයේ කිල්ල ගැන ඇහෙන කතාව
දවස ගාණේ දහස් ගණන් බැතිමතුන් පැමිණෙන ඓතිහාසික නවගමුව පත්තිනි දේවාලය ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා වෙනවා.
ඒ දවස් හතකටම (7) දේවාලය වහලා දාන්න අරන් තියෙන තීරණය නිසා කියලා තමයි ආරංචිය.
මේ තීරණේ පිටුපස ලොකු කතාවක් තියෙනවා කියලත් බොහෝ දෙනා කතා වෙනවා.
නිල ආරංචිවලට අනුව නම්, දේවාලයේ භාරකාරීත්වය දරන නවගමුව සුගතබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමියන්ගේ උපදෙස් මත තමයි මේක කරලා තියෙන්නේ.
ඒකත් "කිළිවලින් ආරක්ෂාවීමේ පිළිවෙත් " හින්දාලු.
ඒ විදිහට දින 7ක් වහලා දාලා, දේවාලය ආයෙ විවෘත කරනවා කියන්නේ ලබන සෙනසුරාදා.
එතකල් මේ "කිළි කතාව" තමයි හැම තැනම කතාබහට ලක්වෙන්නේ.
කොහොමෙන් කොහොම හරි මේ දින 7 ගෙවෙනකල් බැතිමත්තු හරි නොයිවසිල්ලෙන් ඉන්නේ.
ඒ ඇතුළත දේවාල භූමියේ මොනවගේ විශේෂ ශාන්තිකර්ම සිද්ධ වෙයිද කියලා බලන්න.