හැටන්හි බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටෙයි
By Malith Madushan
හැටන් ප්රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළේ ගාල් කර තිබූ බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.
අද (26) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පස් කන්ද කඩා වැටීමෙන් බස් රථ දෙකේ පිටුපස කොටස්වලට හානි සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධියත් සමඟ එම ස්ථානය ආසන්නයේ ගාල් කර තිබූ අනෙකුත් බස් රථ ද ඉවත් කිරීමට පෞද්ගලික බස් නැවතුම්පොළේ වේලා සටහන්කරුවන් පියවර ගෙන තිබේ.