කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ සතිය

Report

මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකාව විසින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙවර කාන්තා දින සැමරුම " සියලුම කාන්තාවන් හා ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානාත්මතාවය, සවිමත් කිරීම" යන්න තේමාව කරගෙන ඇත.

එම දිනයට සමගාමීම ''තැනුමට තිරසර හෙටක් - සව්මත් ඇය වේ මගක් " යන්න තේමාව කර ගනිමින් 2025 මාර්තු 02 සිට 08 දක්වා ජාතික කාන්තා සතිය වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීම වෙනුවෙන් මාර්තු 05 සහ 06 යන දෙදින පුරා "ලිය ශක්ති” කාන්තා පොළ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර කාන්තා දින සැමරුම් උළෙල කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ සංකල්පය පරිදි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, "සුහුරුපාය” ශ්‍රවණාගාරයෙදී පැවැත්වීමට නියමිතය. 

හරක් කටාගේ ගෝලයෙක් පොලිස් දැලේ

හරක් කටාගේ ගෝලයෙක් පොලිස් දැලේ

හරක් කටාගේ ගෝලයෙක් පොලිස් දැලේ

හරක් කටාගේ ගෝලයෙක් පොලිස් දැලේ