හරක් කටාගේ ගෝලයෙක් පොලිස් දැලේ

By Gagana News Mar 02, 2025 05:59 AM GMT
Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු T56 ක් හා ජීව උණ්ඩ 48ක් සමඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඔහුව අහංගම මිදිගම ප්‍රදේශයේදී ඊයේ අලුයම අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි අහංගම මිදිගම වෙදගේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.