ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳ වැටේ
Ministry of Health Sri Lanka
Colombo National Hospital
Sinhala news
By Hashini
කොළඹ ජාතික රෝහලේ පැක් සිස්ටම් හෙවත් තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය සති දෙකක සිට බිඳ වැටීමට ලක්ව ඇති බව පරිපුරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.
එම බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම පවසන්නේ මෙම තත්ත්වය හමුවේ රෝගීන්ට විකිරණ පරීක්ෂණ සඳහා දින ලබාදීමද නවතා දමා ඇති බැවින් එම පරීක්ෂණ සිදු කිරීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.
මෙම තත්ත්වය ඇති වීමට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ අනවශ්‍ය දත්ත ප්‍රමාණයක් එම පද්ධතියට එකතු කිරීම මඟින් එහි වියදම අධික වීම සහ මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශය නිසි විමර්ශනයක් සිදු නොකිරීම බවයි.
