මත්පැන් බොන්නේ බලාගෙන...භයානක ඉරණමක් ඔබටත් අත්වෙන්න පුළුවන්
මහර බන්ධනාගාරයට අනුයුක්ත නියාමකවරයකු සමග මත්පැන් පානය කිරීමේදී ඇති වූ විෂවීමක් හේතුවෙන් පුද්ගලයකු පෙරේදා (26 වැනිදා) මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් වන මොහොඩ් සුබේර් නැමති පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා මීට වසර පහකට පමණ පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 54ක් හා T-56 ගිනිඅවි තුනක් ළඟතබාගෙන සිටියදී අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර එහිදී ඔහු රඳවා සිට ඇත්තේ මහර බන්ධනාගාරයේයි.
ඒ අතරතුරදීයි ඔහු තිළිණ චාමර සිල්වා නම් අදාළ බන්ධනාගාර නියාමකවරයා සමග සමීප සබඳතාවක් ගොඩනගාගෙන ඇතැයි කියයි.
ඒ අනුව මියගිය පුද්ගලයා මීට මාස 4කට පමණ ඉහතදී ඇපලබා පැමිණ ඇති අතර පසුගිය 25වැනිදා රාත්‍රියේ මුල්ලේරියාව උතුර, සිරිනිවාස ප්‍රදේශයේ පිහිටි අදාළ බන්ධනාගාර නියාමකවරයාගේ නිවසේ තවත් පුද්ගයකුද සමග මත්පැන් සාදයක් පවත්වා තිබේ.
විදෙස් මත්පැන් පානයකර එදින රාත්‍රි 10.30ට පමණ පිරිස අදාළ බන්ධනාගාර නියාමකවරයාගේ නිවසේ නිදා සිට ඇති අතර සාදයට එක්වූ අනෙක් පුද්ගලයා පසුදින (26 වැනිදා) උදෑසන අවදි වී බලනවිට මොහොමඩ් සුබේර් නම් පුද්ගලයා සිහිසුන්ව සිට ඇති අතර බන්ධනාගාර නියාමකවරයා ද සිහිමද තත්ත්වයෙන් පසුව ඇත.
පසුව නිවැසියන් ඔවුන් තිදෙනාවම 1990 ගිලන් රථ සේවය අමතා රෝහල්ගත කර තිබේ.එහිදී මොහොමඩ් සුබේර් නැමැත්තා මියගොස් ඇති අතර බන්ධනාගාර නියාමකවරයාවරයා ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පිරිස යම්කිසි රසායනික මත්ද්‍රව්‍යයක්ද පානය කර ඇති බවටය.
කෙසේවෙතත් අදාළ පුද්ගලයා මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව තහවුරු කරගැනීමට මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව සිරුරු කොටස් හා මත්පැන් රජයේ සුපරීක්ෂක වෙත යොමුකර ඇත.
මත්පැන්වලට යම්කිසි විස ද්‍රව්‍යයක් එක්කර අදාළ පුද්ගලයා ඝාතනය කිරීමට කවුරුන් හෝ උත්සාහ දරා ඇත්දැයි සොයා වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන ගේ උපදෙස් මත මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති මිලන්ත ද සිල්වා ඇතුළු නිලධාරීන් සිදුකරනවා.
