හානි වූ ආගමික ස්ථාන ගොඩනගන ජාතික ක්‍රියාන්විතය ගැන නියෝජ්‍ය ඇමති ගමගෙදර කියයි
පසුගිය කාල වකවානුව තුළ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් හානියට පත් වූ ආගමික ස්ථාන නගාසිටුවීමේ ජාතික ක්‍රියාන්විතය දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සදහන් කර තිබේ .
ඒ අනුව පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ආගමික ස්ථාන 989 කට හානි සිදුව ඇත එම හානි වූ ආගමික සිද්ධස්ථාන නැවත නගාසිටුවීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් මේ වන විට කටයුතු කරනු ලබයි.
තවද බෞද්ධ , හින්දු , කතෝලික, මුස්ලිම් ආගමික ස්ථාන නගා සිටුවීමට විශේෂ අරමුදලක් පිහිටුවා තිබේ.
ඒ අනුව සංස්කෘතික අරමුදල යටතේ ඒ සදහා ප්‍රතිපාදන ලබාදීම සදහා කටයුතු කර තිබේ.