අද සිට සියලුම රාජ්‍ය ආයතන දැඩි පරීක්ෂාවකට- සෙත්සිරිපායෙන් ඇරඹි ලොකුම ජාතික විගණනය මෙන්න

Report

ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ජාතික මට්ටමේ විගණනයක් අද බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයෙන් ආරම්භ කර තිබේ

2026 අයවැය යෝජනා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ, අධිකරණ සහ පොලිස් ස්ථාන ඇතුළු පොදු ස්ථාන ආබාධ සහිත පුද්ගලයන්ට වඩාත් ප්‍රවේශවිය හැකි පරිදි සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර ඇත .

ඒ අනුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසින් දිවයින පුරා ආයතනවල ප්‍රවේශ පහසුකම් සම්බන්ධ විගණනයක් සිදු කිරීමට සැලසුම් කර න් තිබේ.

"රටේ දරිද්‍රතාවය 30% පනී මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ" නාමල්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

"රටේ දරිද්‍රතාවය 30% පනී මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ" නාමල්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

 මෙම වැඩසටහනට සමගාමීව, මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) විසින් දිස්ත්‍රික්ක 17ක සමාජ සේවා නිලධාරීන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදී ඇත.

එහි ප්‍රථම අදියර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණුව ලැබූ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෙත්සිරිපාය අදියර 1 සහ අදියර 2 ගොඩනැගිලිවල ප්‍රවේශ පහසුකම් විගණනය ආරම්භ කර ඇත .