"රටේ දරිද්‍රතාවය 30% පනී මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ" නාමල්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්
අද වර්තමාන ආර්ථිකයත් එක්ක ජනතාව ඉන්නෙ අසරණ වෙලා. අද ජන හා සංඛයා ලේඛන දෙපාර්තුමේන්තුවේ ලේඛන වල සදහන් වෙනවා දරිද්‍රතාවය 25% -30% අතර වැඩිවෙලා තියනවා යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.
අද පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ මෙවන් අදහසක්
''ආර්ථික ඝාතකයෝ ගැන කතා කරන්න කළින් නඩු තීන්දුව කියවන්න නඩුන් තීන්දුවේ තියන කාරණා ගැන . ඒවගේම දැන් කතා කරනවනේ තාත්තලා පුතාලා ගැන . ඔය නෝනලා මහත්තුරු තාත්තලා පුතාලා ඉන්න පක්ෂයේ . තාත්තලා පුතාලා ඉන්න පක්ෂෙයි එල් .ටී .ටී එකයි මේ රටට කරපු විනාශෙ සමස්ථ රටේ ණය ප්‍රමාණෙ වගේ දෙගුණයක් .
ඒ නෝනලා මහත්තුරු තමා අපිට උපදෙස් දෙන්නෙ.අද වර්තමාන ආර්ථිකයත් එක්ක ජනතාව ඉන්නෙ අසරණ වෙලා අද ජන හා සංඛයා ලේඛන දෙපාර්තුමේන්තුවේ ලේඛන වල සදහන් වෙනවා දරිද්‍රතාවය 25% -30% අතර වැඩිවෙලා තියනවා අපි නෙමේ කියන්නේ වාර්තාවල කියන්නේ 2012 -20213 කාලය තුළ 6% දරිද්‍රතාවය තිබ්බේ . රත්තරං බඩු මිනිස්සු උගස් තියනවා ජීවත්වෙන්න විදිහක් නෑ .ව්‍යවසායකයෝ අසරණ වෙලා .විදුලි බිල වැඩි වෙලා ආණ්ඩුවක් විදිහට ඒ සදහ ගත්තු ක්‍රියාමාර්ග මොනවද?
තවත් පැත්තකින් ගොවි ජනතාව අසරණ වෙලා ඉන්නවා . පොහොර ගන්න විදිහක් නෑ බාල ගල් අගුරු ගෙනල්ලා ඒ පීඩනයත් ජනතාව වෙත දැම්ම . හැම පීඩනයකම ජනතාව පිට දාලා .
දිත්වා ඇවිත් මාස 7 ක් වෙනවා . තාමත් 35000 කට වැඩි පිරිසක් කුළී නිවාස වල ඉන්නේ අඩු ගානේ පාලම් ටික හදන්න වතුකරයේ .තාම වන්දි ගෙවා ගන්න බැරි වෙලා
රටවලින් ආධාර ලැබෙනවා කිව්වා මොකද්ද ප්‍රගතිය ආණ්ඩුවක් විදිහට වැඩ කරගන්න බැරි වෙනකොට ඒ පීඩනය විපක්ෂය පිට දාල හරියන් නෑ .
උතුරේ ඔබ ප්‍රවර්ධන කරපු ගීතය ප්‍රාදේශීය මැතිවරණ වෙලාවෙ එල්.ටී .ටී මතවාද ප්‍රවර්ධනය කරපු ගීතයක්. නමුත් රැප් එක්ක් කිව්වා කියලා ත්‍රස්ත විමර්ශන පනත යටතේ හිරේ දානවා .''