රු. ලක්ෂ 30ක මත්කරල් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ පානදුර හා එගොඩඋයන ප්‍රදේශවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 37, 20 සහ 19ක පුද්ගලයින් තිදෙනෙකි.
මෙයින් අඹුසැමි යුවළ වයස අවුරුදු 37 සහ 20 වියේදීය.
පොලීසියට ලැබුණු තොරතුරක් මත පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්කරල් 20,000කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්කරල් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න බව පොලීසිය සඳහන් කළේය. පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අඹුසැමි යුවළ රුපියල් 23,000ක මුදලකට කුලියට ලබාගත් නිවසක රැඳී සිටමින් මෙම මත්කරල් ව්‍යාපාරය සිදු කරගෙන ගොස් ඇති බවයි.
සැකකරුවන් තිදෙනාම පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කළේය.