මන්ත්‍රීවරුන්ට අස්වැසුම - කුපිත වූ නන්දන ගුණතිලක
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධයෙන් හිටපු කැබිනට් අමාත්‍ය නන්දන ගුණතිලක මහතා විසින් තබා ඇති ෆේස්බුක් සටහනකට, අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ඉදිරිපත් කළ විසඳුමක් යටතේ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට අස්වැසුම සඳහා අයදුම් කළ හැකි බව පිළිතුරක් ලබාදුන් අතර, එය ඇසීමෙන් කුපිත වූ නන්දන ගුණතිලක මහතා නැවත ප්‍රශ්න කර ඇත.
ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති නවතම සටහනේ සඳහන් වන්නේ මෙසේය:
“වසන්ත , ඔහේ වැටුප පක්ෂෙට දෙන නිසා අස්වැසුමෙන් වෙන්න ඇති ජීවත් වෙන්නෙ නේ..? ෆුල්ටයිම්ලු නෙ..? ”
