ආචාර්ය නන්දා මාලිනීගේ දේහය නිවසට - මාලනිය වෙනුවෙන් පාර්ලිමේන්තුවම නිහඬ වෙයි

Report

අභාවප්‍රාප්ත ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිණී, ආචාර්ය නන්දා මාලිනීගේ දේහය මේ වන විට නුගේගොඩ, නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර තිබේ.

ඊයේ සිය නිවසේ දී ඇය මිය යන විට 82 වැනි වියේ පසුවූ අතර ආචාර්ය නන්දා මාලිනීගේ අවසන් කටයුතු හෙට (22) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. එසේම ඇගේ අභාවය වෙනුවෙන් අද සිට දින 03ක කාලයක් ජාතික ශෝක දින ලෙස නම් කර තිබේ.

ගාන්ධර්ව පරම්පරාවේ මහා ස්වර රටාව නන්දා මාලිනියට සමුදෙන්න රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කිරීමට තීරණයක්

ගාන්ධර්ව පරම්පරාවේ මහා ස්වර රටාව නන්දා මාලිනියට සමුදෙන්න රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කිරීමට තීරණයක්

එමෙන්ම ප්‍රවීන සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක් පැවැත්විණි.

ඒ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී වන අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.  

සෞදි අරාබියම හෙල්ලෙයි - සෞදි ගුවන් තොටුපළට දැවැන්ත ප්‍රහාරයක්

සෞදි අරාබියම හෙල්ලෙයි - සෞදි ගුවන් තොටුපළට දැවැන්ත ප්‍රහාරයක්