විපක්ෂයේ සභිකයන් 223කගේ නම් මැකොට ලැබිලා නෑ

Report

පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ විපක්‍ෂයේ සභිකයන් 223 කගේ නම් මැතිවරණ කොමිසමට ලැබී නැතැයි එම කොමිසමේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක මහතා පවසනවා.

රත්නායක මහතා සඳහන් කරන්නේ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් 2700ක් පමණ ආදායම් වියදම් වාර්තා කොමිසම වෙත පසුගිය සිකුරාදා (13දා) වන විටත් ලබාදී නැතැයි ද ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස අදාළ පොලිස් ස්ථානවලට දැනුම් දී ඇති බවයි.

ගුවන් අනතුරේ උණුසුම යන්නත් කලින් ඉන්දියාවේ තවත් අනතුරක් - 6ක් මරුට

ගුවන් අනතුරේ උණුසුම යන්නත් කලින් ඉන්දියාවේ තවත් අනතුරක් - 6ක් මරුට

පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් ගැසට් කිරීම සඳහා එවන ලෙස අදාළ පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කර ඇති බවත් කොමිසමට ලැබුණු සභිකයන් 104 කගේ නම් පසුගිය සිකුරාදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම නම් එවීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ විපක්‍ෂය නියෝජනය කරන බොහෝ දේශපාලන පක්‍ෂ තුළ පවතින මත ගැටුම් බවට වාර්තා වනවා. 

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..