රජයේ මූල්‍ය කළමනාකරණය ගැන නාමල් රාජපක්ෂගෙන් රතු එළියක්

Report

කෝටි අසූවකට වඩා වැඩි මුදලක් අතුරුදහන් වී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බරපතළ චෝදනාවක් ඉදිරිපත් කර තිබේ.

ඔහු පවසන්නේ, එම සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව, ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව නිසි ක්‍රියාමාර්ග නොගෙන නිදිමත තත්ත්වයක පවතින බවයි.

හොරණ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කළේ, මෙම මුදල් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත්, එය තිබියදීත් කිසිදු තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්ය.

බදු ගෙවන්නන්ගේ බිලියන 7 ක් මෙට්‍රෝ බස් වලට.. පෞද්ගලික බස් හිමියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

බදු ගෙවන්නන්ගේ බිලියන 7 ක් මෙට්‍රෝ බස් වලට.. පෞද්ගලික බස් හිමියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

“කෝටි අසූවකට වඩා වැඩි මුදලක් අතුරුදහන් වෙලා තියෙනවා. එදා වටිනාකමට අද ඩොලර් අනුපාතය අනුව ඒක තවත් වැඩි වෙන්න පුළුවන්. ඒත් ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව කිසිවක් නොකර නිදි.. මේක හැකර්ලාගේ ආණ්ඩුවක් වගේ. හැම තැනටම හැකර්ලා පැනලා තියෙනවා. අවසානයේ මේ හැම පාඩුවක්ම ගෙවන්නේ ජනතාව” 

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දේශපාලන පත්වීමක් ලෙස පත් කර ඇති බවත්, එවැනි පත්වීම් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට බලපෑම් ඇති කරන බවත්ය.

ඊ - පාස්පෝට් ටෙන්ඩරය මහා පරිමාණ වංචාවක් - පෝලන්ත රජයත් මැදිහත් වෙන ලකුණු

ඊ - පාස්පෝට් ටෙන්ඩරය මහා පරිමාණ වංචාවක් - පෝලන්ත රජයත් මැදිහත් වෙන ලකුණු

මෙය හුදෙක් එක් සිදුවීමක් නොව, හැකර් සම්බන්ධ සිදුවීම් මාලාවක් බවටද ඔහු චෝදනා කළේය. ගල් අඟුරු ප්‍රසම්පාදනය, පෞද්ගලික බැංකු ගනුදෙනු, තැපැල් දෙපාර්තමේන්තුව, වරාය සහ මුදල් අමාත්‍යාංශය වැනි ආයතන තුළද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමෙන් ප්‍රශ්න විසඳීමට උත්සාහ කරන බවත්, එවැනි ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්ය.

එමෙන්ම රටේ ප්‍රවාහන, දුම්රිය හා මාර්ග පද්ධති ඇතුළු රාජ්‍ය යටිතල පහසුකම් ගැටලු ගැනද ඔහු සඳහන් කළ අතර, පැලැස්තර විසඳුම්වලින් නොව ස්ථිර වැඩපිළිවෙළකින් පමණක් ප්‍රශ්න විසඳිය හැකි බවද අවධාරණය කළේය.

අවසාන වශයෙන් ඔහු කියා සිටියේ, ආණ්ඩුවේ වත්මන් ප්‍රවේශය කයිවාරු සහ මර්දනය මත පදනම් වී ඇති බවත්, එයට වඩා ජනතාවගේ ජීවන ගැටලු විසඳීමට අවධානය යොමු කළ යුතු බවත්ය.

"ගෙවල්වලට ගහන්න කිව්වේ ලිපිනයක් නැති අය, බැටකෑවේ අපි" - අරගල සමයේ සාගර කළ ප්‍රකාශ ගැන දොලවත්ත හෙළි කරයි

"ගෙවල්වලට ගහන්න කිව්වේ ලිපිනයක් නැති අය, බැටකෑවේ අපි" - අරගල සමයේ සාගර කළ ප්‍රකාශ ගැන දොලවත්ත හෙළි කරයි