විපතට පත් ජනතාවට උපරිම සහන ලබාදෙන අතර පූජ්‍යස්ථාන සංස්කරණයට ප්‍රමුඛතාව දෙන්න නාමල් කියයි

Report

පසුගියදා අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට උපරිම සහන සලසන අතර මේ නිසා විනාශයට පත් වූ විහාරස්ථාන, පල්ලි කෝවිල්, අදී පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිර්‍රිමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයට ඉල්ලීමක් කරයි.

මන්ත්‍රීවරයා සදහන් කළේ තමා වෙත ලැබී තිබෙන තොරතුරු අනුව මධ්‍යම, ඌව, වයඹ ,සබරගමුව, සහ බස්නාහිර , දකුණ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල විහාරස්ථාන රාශියක් විනාශයට පත්ව තිබෙන බවත්, එසේම කතෝලික පල්ලි, හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි ඇතුළු ආගමික ස්ථාන බොහෝ ප්‍රමාණයකට ආපදා හේතුවෙන් හානි සිදුව ඇති බවයි.

තවදුරටත් එතුමා අවධාරණය කළේ රජය විසින් මේ සම්බන්ධව විධිමත් සමීක්ෂණයක් සිදුකර කඩිනමින් අවශ්‍ය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බවයි.

ඒ වගේම මෙම ආපදා අවස්ථාවේ පීඩාවට පත් ජනයාට පන්සල් පල්ලි කෝවිල් ආදි ආගමික ස්ථානන වලින් සුවිසල් සේවයක් සිදු වූ බවත් ඒ හේතුවෙන් රජය වහාම මේ සදහා මූලිකත්වය ගත යුත්ව බව මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

තවද මේ පිළිබද අදහස් දැක්වූ එතුමා සදහන් කළේ ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන්ටද මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබෙන බවත් ඔවුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන් හා සම්බන්ධව ව්‍යාසනයට පත්ව ඇති සියලු පූජනීය ස්ථාන පිළිසකර කිරීම සදහා උදව්වන ලෙස දැනුම් දී ඇති බවයි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශට වරෙන්තු නිකුත් කරයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශට වරෙන්තු නිකුත් කරයි