අපි නෙවෙයි සිලබස් එක හැදුවේ, අපි නෙවෙයි පින්ට් එකට ඇරියේ - සීනිගමදී දෙස් දොවොල් තියන නාමල්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ අඳාළ විෂය නිර්දේශය සැකසුවේ තමන් නොවන බවයි.

ඒ අනුව සීනිගම පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිසියට පැමිණිලි කිරීමෙන් දැන් පලක් නැති බවයි.

එසේම ඔහු මෙම වගකීමෙන් තමන් නිදහස් බව පැවසුවේ,"අපි නෙවෙයි සිලබස් එක හැදුවේ, අපි නෙවෙයි පින්ට් එකට ඇරියේ" යනුවෙන් පවසමින්.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයට ගැළපෙන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බව පිළිගත්තද, වර්තමාන රජය ලෝක රැකියා වෙළඳපොළ කියවාගෙන ඇති ආකාරය වැරදි බවත්, ඔවුන් කියවා ගන්නා රැකියා වෙළඳපොළ රටට නොගැළපෙන බවත්ය.

අසැබි පිටුව ඉවත් කර ඉදිරියේදී පාසල්වලට පොත් බෙදනවා - සෝදුපත් බලපු අයටත් වැඩ වරදී

අසැබි පිටුව ඉවත් කර ඉදිරියේදී පාසල්වලට පොත් බෙදනවා - සෝදුපත් බලපු අයටත් වැඩ වරදී

එසේම පවතින පාලනය විවේචනය කරමින් ඔහු සඳහන් කළේ මීට පෙර පැවති "හොරාගේ අම්මගෙන් පේන අහනවා" යන න්‍යාය වෙනස් වී, වර්තමාන රජය "හොරාගෙන් පේන අහන තත්ත්වයට" පත්ව තිබෙන බවයි.

ඒ අනුව බලයට පැමිණෙන විට තනිව ගමනක් යන බව පැවසූ පිරිස්, තමන්ට වාසි සහගත වන විට පිරිස් හොඳ යැයි පවසමින් සහ අවාසි වන විට අගුණ යැයි පවසමින් කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා කියයි.

එබැවින් එය තමන්ගේම වල තමා විසින්ම කපා ගැනීමක් බව සඳහන් කළ ඔහු විපක්ෂයේ කාර්යභාරය වන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම බවද ප්‍රකාශ කළා.

ජාතික ජනබලවේගය ඉකුත් වසර පුරා විවිධ ප්‍රවර්ධන සහ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කළ බවත්, එම කාල පරිච්ඡේදය මහජනතාවට විශේෂයෙන් දුෂ්කර වූ බවත් සඳහන් කළ ඔහු ජාතික ජන බලවේගයේ (NPP) රජය බලයට පත්වීමෙන් පසු දරාගත නොහැකි ලෙස ජනතාව මත බදු පැනවීමෙන් මෙන්ම ස්වාභාවික විපත් වලින්ද ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ බව පැවසුවා.

එසේම ජීවිත බේරා ගත හැකිව තිබූ අවස්ථාවලදී පවා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වී ඇති අතර මහජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමටද අපොහොසත් වී ඇති බව සඳහන් කළා.

සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල

සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල

එමෙන්ම ඔහු සිහිපත් කළේ බොහෝ දෙනෙකුට අලුත් අවුරුද්දට අඩිය තැබීමට සිදුවූයේ ආරක්ෂිත මධ්‍යස්ථානවල සහ තාවකාලික කඳවුරුවල රැඳී සිටිමින්, ඔවුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ නිවාස පිළිබඳව අවිනිශ්චිතව සිටිමින් බවයි.

තවද ආපදාවලින් පීඩාවට පත් වූවන්ට ජනාධිපතිවරයා වන්දි ලබා දෙන බවට පොරොන්දු වූ බවද එම පොරොන්දු තවමත් ඉටුකර නොමැති බවද පැවසූ ඔහු ආණ්ඩුව වන්දි ලබා දීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, අවතැන් වූ පවුල් ඔවුන්ගේ නිවෙස්වල නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගත යුතු බවත් අවධාරණය කළා.

විපක්ෂ පක්ෂ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි රජය අවධානය යොමු නොකළත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ගංවතුරට කියලා යුධ හමුදා සෙබළුන්ගේ දවසක වැටුප කපලා විමල්ගෙන් ආණ්ඩුවට චෝදනා ගොඩක්

ගංවතුරට කියලා යුධ හමුදා සෙබළුන්ගේ දවසක වැටුප කපලා විමල්ගෙන් ආණ්ඩුවට චෝදනා ගොඩක්