කඳුළු ගැන නාමල් කට අරී.. පොහොට්ටුවේ වුණ අලුත් වෙනස මොකක්ද දන්නව ද?. හැමෝම බලා හිටිය.. ඒ දෙය මෙන්න..

Report

පොදුජන පෙරමුණේ පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අලුත්වුණු පොදුජන පෙරමුණ තුළ අවුරුදු 40 ට අඩු අපේක්ෂකයන් 103 ක් සිටින බවයි.

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

මේ බව ඔහු පැවසුවේ අද (11) දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

එහිදී ඔහු කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉතාම තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙන බවයි.

එමෙන්ම, අලුත්වුණු එම පක්ෂය තුළ අවුරුදු 40 ට අඩු අපේක්ෂකයන් 103 ක්ද, සමස්ථයක් වශයෙන් අවුරුදු 50 ට අඩු සියලුම අපේක්ෂයන් 164 ක් පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉදිරිපත්වෙලා සිටින බව නාමල් රාජපක්ෂ පැවසීය.

11 වෙනි සඳුදා විශේෂ දවසක්.. රෑ 12ට ආරම්භ වෙලා වෙන දෙය මෙන්න.. එදාට රජයේ නිවාඩු දවසක් ද?..

11 වෙනි සඳුදා විශේෂ දවසක්.. රෑ 12ට ආරම්භ වෙලා වෙන දෙය මෙන්න.. එදාට රජයේ නිවාඩු දවසක් ද?..

ඒ අතර කාන්තා අපේක්ෂිකාවන් ජාතික ලැයිස්තු ඇතුළු 24 ක් ඉදිරිපත්වෙලා තිබෙන බව ඔහු කියා සිටියේ ය.

තව ද, අපගේ ප්‍රතිපත්තිමය දේශපාලනය කරන දේශපාලන බලවේගයක් බවත් වෛරය, ක්‍රෝධය , ඊරිසියාව, කුහකත්වය කේන්ද්‍ර කරගෙන යන දේශපාලන බලවේගයක් නොවන බවත් මෙහිදී නාමල් රාජපක්ෂ පැවසීය.

"මාමගෙන් බෑණට.." - මාලිමාවට.. එදා ඡන්දෙ නොදුන් අය ගැන ජනපති දැන් කියන දෙය මෙන්න..

"මාමගෙන් බෑණට.." - මාලිමාවට.. එදා ඡන්දෙ නොදුන් අය ගැන ජනපති දැන් කියන දෙය මෙන්න..

කෙසේ වෙතත්, එහිදී වැඩිදුරටත් අදහස් පල කළ පොදු ජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කියා සිටියේ මෙවැන්නකී,

“ඒ අනුව මම ගෞරවයෙන් අපේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඡන්ද පොලට යන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙනුත්, ඔබ විශ්වාස කරන, ඔබ නියෝජන කරන්න පුළුවන් , ඔබේ හඩ පාර්ලිමේන්තුවේ අවදි කරන්න පුළුවන් ඔබේ මන්ත්‍රිවරු පත්කරලා පාර්ලිමේන්තුවට යවන්න කියලා ගෞරවනීය ආදරණීය ඉල්ලීම කරනවා.අනුර කුමාර දිසානායක කතා කරන්නේ අඩන්න. කඳුළු එන්න දිනන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා අපිට කඳුළු එන්න දිනන්න ඕනේ නැහැ. අපි කඳුළු නවත්වන්න කටයුතු කරන දේශපාලන බලවේගයක්. අපි මිනිස්සු අඩවලා මිනිස්සුන්ට බොරු කියලා දේශපාලනය කරන්නේ නැහැ. අපි පැහැදිලිවම ප්‍රතිපත්තියක් විදිහට දේශපාලනය කරන්නේ. අපේ ප්‍රතිපත්ති බලය ලබාගන්න මාරුකරලා නැහැ. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිය හුදෙක් බලය ලබාගැනීම වෙනුවෙන් වෙනස් කරලා තිබෙනවා..”