රට කරන හැටි පොහොට්ටුවේ නාමල් කීවේ මෙන්න මෙහෙමයි..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රටේ සාමාන්‍ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම එම පක්ෂය භාර ගන්න බවයි.

රන් මිල එකවරම නොහිතපු ගාණකින් වෙනස් වෙයි.. අද ලැබුණ තැන මෙන්න..

රන් මිල එකවරම නොහිතපු ගාණකින් වෙනස් වෙයි.. අද ලැබුණ තැන මෙන්න..


ඒ මහතා මේ බව සඳහන් කළේ මාවතගම ප්‍රදේශයේ පැවැති ආසන රැස්වීමකට එක්වෙමින් ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ආසන රැස්වීම් මාලාවේ මාවතගම ආසන රැස්වීම ඊයේ (27) පස්වරුවේ පැවැත්විණ.

නයි මිරිසුත් සැරටම ගණන් උස්සලා.. හිතා ගන්න පුලුවන් ද ගාණ කීය ද කියලා..

නයි මිරිසුත් සැරටම ගණන් උස්සලා.. හිතා ගන්න පුලුවන් ද ගාණ කීය ද කියලා..


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නෑ. මං හිතනවා මට තියෙන වගකීම සහ අභියෝගය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්තපු තැනින් රට ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන කාරණය. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට හරි අමාරුයි. අසීමිත අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එදා ගෝඨාභයගේ ආණ්ඩුව අපි බදු අඩු කළා. අපිට චෝදනා කළා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණය. අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගේ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. "