දරුවන්ට හොද ආදායමක් දෙන්න යයි..අලුත්ම වැඩපිළිවෙළක්..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, පැවති රජය යටතේ ආර්ථික පසුබෑමට හේතුව කොව්ඩ් වසංගතය පමණක් නොව, ඊට යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ද හේතු වූ බවයි.

පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ආසන සම්මේලනය අමතමින්, ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

වහාම දැනුවත්වන්න - රට වටාම සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් හදිසි නිවේදනයක්..!

වහාම දැනුවත්වන්න - රට වටාම සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් හදිසි නිවේදනයක්..!

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.

”..ආර්ථිකය වැටෙන්න පටන් ගත්තෙ කොවිඩ්වලින් විතරක් නෙවෙයි, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක. යහපාලන ආණ්ඩුවෙන් විදුලි උත්පාදනය නැවැත්තුවා. සාම්පූර් බලාගාරය, උමා ඔය බලාගාරය නැවැත්තුවා. ඒ එක කොට්ඨාශයක් තවත් දේශපාලන පක්ෂයකට චෝදනා කරනවා. ඒ අය උසාවි ගියා කියලා. තවත් දේශපාලන කොට්ඨාශයක් තවත් කණ්ඩායමකට චෝදනා කරනවා.

අවසානයේ රටේ ජනතාවට විදුලිය නැති වෙන්න පටන් ගත්තා. ඒ බර කඩන් වැටුණෙ ගෝඨාභය මහත්තයාගේ කර උඩට. තෙල් පෝලිම් ඇති වුණා. විදුලි උත්පාදනය කරන්න වැඩිපුර තෙල් පාවිච්චි කරන්න සිදු වුණා. ඒ නිසා වියදම වැඩි වුණා. අවසානයේ තෙල් පෝලිමක් ආවා. අපි පිළිගන්නවා, ආණ්ඩුවක් පිහිටෙව්වම ඒ ආණ්ඩුව තුළ විවේචනය කර කර ඉඳලා ඵලක් වෙන්නෙ නෑ. අපි පිළිතුරු හොයන්න ඕනි. ඒ පිළිතුරු හොයන්න තමයි අපි ආණ්ඩුවක් හදන්නෙ.

අපි ඒ නිසා වැඩ පිළිවෙලවල් ආරම්භ කළා. විදුලි බලාගාර හදන්න අපි ආයෝජකයො ගෙනවා. හැබැයි අපිට කාලයක් තිබ්බෙ නෑ. අරගලයත් එක්ක ඒ සේරම නතර වුණා. අපිට වැඩපිළිවෙලක් තියෙනවා මේ රටේ අම්මා තාත්තගෙ දරුවට හොඳ ආදායමක් අරගෙන හොඳට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. අපිට වැඩපිළිවෙලක් තියෙනවා ඔබේ දරුවට ජාතික වගේම ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ රැකියාවන් කරන්න පුළුවන් අධ්‍යාපනයක් දෙන්න. මහින්දෝදය විද්‍යාගාර අපි ආරම්භ කළා. ඒක අද පාවිච්චි වෙන්නෙ නෑ.."

ජනපති රනිල් ට සහාය නොදැක්වූ ඇමතිවරුන්ට අත්වන ඉරණම - ලබන 15 වනදා සිදුවන බල පෙරළිය..

ජනපති රනිල් ට සහාය නොදැක්වූ ඇමතිවරුන්ට අත්වන ඉරණම - ලබන 15 වනදා සිදුවන බල පෙරළිය..