වහාම දැනුවත්වන්න - රට වටාම සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් හදිසි නිවේදනයක්..!
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි සඳහන්ව සංසරණය වන පුවත අසත්‍ය බවයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම මේ බව සඳහන් කරනවා.
එම නිවේදනයෙන් අවධාරනය කරන්නේ, ඡන්දහිමියාට අදාල නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර කිසිදු ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බවයි.
මේ අතර තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා.
2024 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ගේ ලිපිනය වෙත ඡන්දහිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙනු ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
එහි දැක්වෙන ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුට හෝ අවකාශ නොමැති බවයි මැතිවරණ කොමිසම වැඩි දුරටත් අවධාරණය කරන්නේ.
