නාමල්ටත් වැඩ වරදී...වහාම අධි චෝදනා ගොනුකරයි..මාලිමා ආණ්ඩුව ජයටම හොරු අල්ලයි..!

Anura Kumara Dissanayaka Namal Rajapaksa Rajapaksa Family Latest Headlines
By Sewvandhi Jan 28, 2025 11:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ,ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ අධි චෝදනා ඉදිරිපත් කර තිබේ.

නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර ඇත.

නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර ඇත්තේ,රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළා යැයි කියන චෝදනා මතය.

මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

………………………………………………………………

You may like this video 👇



ReeCha