සුපිරිසුදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනය නොමග යවන මාලිමාවේ මන්ත්‍රීවරු ගැන නාමල් කියපු දේ..

Report

කථානායක අසෝක සපුමල් රංවල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

රූපවාහිනී ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පවත්වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන වසරේ මාර්තුවේ ..

රූපවාහිනී ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පවත්වන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන වසරේ මාර්තුවේ ..

එසේ වුවද තවදුරටත් චෝදනා එල්ලවන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත්වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතු බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

Xහි සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

පොඩි සැකයකට නවත්තලා කොහෙද යන්නේ කියල පරික්ෂා කලාම තමයි ලග තියාගෙන හිටපු දේවල් මාට්ටු වුනේ..

පොඩි සැකයකට නවත්තලා කොහෙද යන්නේ කියල පරික්ෂා කලාම තමයි ලග තියාගෙන හිටපු දේවල් මාට්ටු වුනේ..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සුපිරිසුදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව, එම පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායක බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

සුපිරිසුදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනය නොමග යවන මාලිමාවේ මන්ත්‍රීවරු ගැන නාමල් කියපු දේ.. | Namal Rajapaksa S Note On X

You may like this video