පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කරයි

Report

 වබද්දේගම ප්‍රදේශයේදී වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම නියම කර ඇත.  බළපිටිය මහාධිකරණය විසින් ඊයේ (22) දින වසර 18ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ .

වැටලීමකට ගිය බද්දේගම පොලිසියේ කොස්තාපල්වරයෙක්ට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කරමින් එක් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දේගම පොලීසිය විසින් බළපිටිය මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

බළපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා නියෝගය කළේ එහිදී සිව්වැනි විත්තිකරුට මරණ දඬුවමත් සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමටයි.

බඳවා ගැනීමේ වයස් සීමාවන් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියෙන් අනතුරු ඇගවීමක්

බඳවා ගැනීමේ වයස් සීමාවන් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියෙන් අනතුරු ඇගවීමක්

බද්දේගම කාමිංගල, මාර්ග සති මාවත ලිපිනයේ පදිංචි මෙරෙන්චි කංකානම්ගේ පසාද් මනෝරංජන නොහොත් කලුතර චූටී නමැත්තාට මෙලෙස මරණ දඬුවම නියම කරන ලදි .

තවද නිදොස්කොට නිදහස් කෙරුණු, දෙවන විත්තිකාරිය වන ගුනෙත්තිගොඩ ලීලාවතී මේ වනවිට මියගොස් ඇත. 2008 වසරේ නොවැම්බර් 30 හෝ ඊට ආසන්න දිනයකදී බද්දේගම පොලිසියට අනුයුත්තව සේවය කරමින් සිටි දිලිප් කුමාරසිංහ (15615) සහ පොලිස් සැරයන් 50472 ජගත් නන්දන (50472)යන නිලධාරීන් දෙදෙනා වැටලීමකට ගොස් තිබුණි.

  එහිදී වෙඩි තබා ඝාතනය කෙරුණේ බලපිටිය රන්දොඹේ පදිංචි පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ (15615) නමැත්තා වේ මේ ඝාතනය සම්බන්ධයෙන් එක් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දේගම පොලීසිය විසින් බළපිටිය මහාධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී.

ඒ අනුව මරණ දඬුවම් ලැබූ විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

සරසවි සිසුවා රෝහලට යැවූ දරුණු අනතුර

සරසවි සිසුවා රෝහලට යැවූ දරුණු අනතුර