නාමල් රාජපක්ෂගෙන් සුපිරි වැඩක් මෙන්න මිනිස්සු

Report

ගංවතුරින් සහ නාය යෑමෙන් විපතට පත් පවුල්වල දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද 'ආදරය'වැඩසටහනට සිය මාසික වැටුප සහ දීමනා පරිත්‍යාග කිරීමට ඔහු තීරණය කර ඇත.

විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත් පත් පාසල් උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් 'ආදරය' වැඩසටහන ආරම්භ කළේ පසුගිය සතියේයි.

ඉන්ධන පිරවුම්හල් හානි වෙලා ආයෙත් තෙල් ගන්න පෝලිමේද?

ඉන්ධන පිරවුම්හල් හානි වෙලා ආයෙත් තෙල් ගන්න පෝලිමේද?

ශ්‍රී ලංකික සමාජයේ දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සඳහා දායක විය හැකි බවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පවසා ඇත. දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානයද පසුගියදා නිවේදනය කර ඇත.

දරුවෝ දෙන්නත් එක්ක වතුරට පැනලා අම්මා බේරිලා දරුවෝ නෑ

දරුවෝ දෙන්නත් එක්ක වතුරට පැනලා අම්මා බේරිලා දරුවෝ නෑ