''තව සති දෙකක් ඇතුළත නාමල් ඇතුළට - ආණ්ඩුවේ රහස් සැලසුම එළියට'' - අද අනාවරණය වූ දේ මෙන්න. (VIDEO)
තව සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම සඳහා ආණ්ඩුවේ සැලසුමක් ක්‍රියාත්මකවන බවට කරුණු අනාවරණය වී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ මාධ්‍ය ලේකම්, නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කළා.
රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.
ඔහු මේ බව කියා සිටියේ, අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 2029 වසරේදී නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරය සඳහා තේරී පත්වනවාට වත්මන් ආණ්ඩුවට බියෙන් පසුවන බවත්, එම නිසා ඔවුන්ව ඉලක්ක කර ගන්නා බවත්ය.
''මං හිතන්නේ ඉතාමත් වැදගත් දෙයක් තමයි අද දවසේ සිද්ධ වුණේ. මේ රටේ දේශපාලන දඩයම් කරන්න දේශපාලඥයෝ මොන විදිහට නීතිය යොදා ගත්තත් මං හිතන්නේ අද දවසේදී මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය පෙන්නුම් කරා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් එක එක පුද්ගලයන්ගේ කාමර වල කරන සාකච්ඡා මත ගන්න තීන්දු තීරණ මත නෙමෙයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිය ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕන නීතියේ තියෙන පිළිවෙලටෙයි කියන දේ තමයි අද දවසේ අධිකරණයේදී තහවුරු වුණේ.
මොකද විශේෂයෙන්ම මං මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් අද දවසේ අධිකරණයේදී අනාවරණය වෙච්ච කරුණු අනුව ඉතා පැහැදිලිව අනාවරණය වුණා දැන් මේ මුදල් විශුද්ධිකරණය යටතේ මේ නඩු කටයුත්ත පැවරුවාට ඇත්තටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පනත යටතේ ගන්න ඕන කිසිම පියවරක් ගන්නැතුව තමයි දඩි මුඩියේ ගිහිල්ලා මේ දේශපාලන සාකච්ඡාවක ප්‍රථිපලයක් විදිහට මේ කුදලගෙන එන්නේ යෝෂිත රාජපක්ෂව. ඉතින් ඒක නිසා අපි කියන්න කැමතියි දැන් දේශපාලන නාඩගම් කරන්න නීතිය පාවිච්චි කරන්න එපා. නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඒක නීතියේ පිළිවෙලක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා, නීතියේ යම්කිසි සිද්ධාන්තයන් තියෙනවා, ඒ අනුව ක්‍රියාත්මක නොවුණම නිකන් මේ වගේ සවුත්තුවීම් තමයි වෙන්නේ.
අනිත් එක විශේෂයෙන්ම දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා දැන් මේ වෙනකොට රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න, රෙඩ් ලේබල් එක සහිත කන්ටේනර් තුන්සීයක් තුන්සිය ගානක් මුදාහැරියා කියලා මාතෘකාව තියෙද්දි තමයි හදිස්සියේ බෙලිඅත්තට ගිහිල්ලා යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගන්නේ. මේ කන්ටේනර් තුන්සීය ගානේ මොනවද තිබ්බේ කියන කතාව යටපත් කරන්න දැන් මේක මාතෘකාවක් කරගන්න උත්සාහ කරා. හැබැයි අපි කියන්න කැමතියි ජනතාවට ප්‍රශ්න තියෙනවා.
ආණ්ඩුවක් ජනතාව පත් කරන්නේ මේ මාධ්‍ය සංදර්ශනය කරලා දේශපාලන තමන්ගේ විරුද්ධවාදීන් දඩයම් කරනවා කියලා ජනතාවට පෙන්නන්න නෙමෙයි. ජනතාවට අවශ්‍ය දෙයක් තියෙනවා. ජනතාවට හාල් ටික අඩු වෙන්න ඕනේ. පොල් ටික අඩු වෙන්න ඕනේ. ජනතාවගේ ජීවන වියදම අඩු වෙන්න ඕනේ. අර අනිත් මිනිස්සු ගත්ත කොමිස් මුදල නැති වෙලා විදුලි ගාස්තු අඩු වෙන්න ඕනේ. ඉතින් මේවා කරනවා වෙනුවට මේ වගේ දේශපාලන නාඩගම් කරන්න එපා.
අලුත්ම නිව්ස් එක තමයි මම එන්න ඉස්සෙල්ලා දෙන්නේ. තව සති දෙකක් ඇතුළත නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම ගැනත් මේ වන විට ආණ්ඩුවේ සැලසුමක් යන බවට එතුමාට කරුණු අනාවරණය වෙලා තියෙනවා. ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතන උත්සාහ කරන්නේ මං හිතන්නේ 2029 වෙනකොට නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවාය කියලා ලොකු බයක් ඇතිවෙලා තියෙනවා. ඒ බය නිසාද කොහෙද රාජපක්ෂලා එළව එළව දඩයම් කරනවා.
නැත්නම් ඉතින් සීයට තුනකට වැටුනට පස්සේ මං හිතන්නේ අර දෙවෙනි තැන ඉන්නේ එහෙම නම් සමගි ජන බලවේගයනේ. හැබැයි සමගි ජන බලවේගයේවත් ඒ වෙන කවුරුවත් නෙමෙයි. අපි කියන්නේ නැහැ ඔවුන් ඉලක්ක කරන්නේ කියලා. නමුත් ඒ දේවල් නැතුවත් රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ඔහුගේ පවුලේ අයවම ඉලක්ක කර කර ගහන එක පිටිපස්සේ පේනවා කොයිතරම් රාජපක්ෂලා නැවත බලයට එයිද රාජපක්ෂලා මේගොල්ලෝ ෆේල් වෙනකොට සහෝදරයෝ ෆේල් වෙනකොට ඒ වෙනුවට නැවත රාජපක්ෂලාට බලයට එයි කියලා සාධාරණ බයක් තියෙනවා කියන දේ තමයි මේ තුළ පැහැදිලි වෙන්නේ කියලා අපි අවධාරණය කරනවා.''