රැලිය ඉවර කරපු හැටියේම නාමල් පාර්ලිමේන්තුවේ අමතයි
දින තුනකින් කැබ් රථයක් ගෙන ඒමට හැකි නම්, ඖෂධ රට තුළට ගෙන ඒමට නොහැකි ඇයි, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (2025.11.22) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ඔහු ඉහත ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් මෙසේ පැවසීය,
රජය මන්ත්‍රීවරුන්ට නොව රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර නිකුත් කරන බවට පොරොන්දු විය. කෙසේ වෙතත්, අද මන්ත්‍රීවරුන් සඳහා කැබ් රථයක් ගෙන ඒමට නියමිතයි. රජය කැබ් රථ 1,700 ක් ආනයනය කරනවා. මෙහි අරමුණ අපට තේරෙන්නේ නැහැ. ඒ දවස්වල වගේ කෙසෙල් කොළ ගෙන ඒම අරමුණද කියලා දන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට කැබ් රථ ලබා දිය හැකි නමුත් වෛද්‍යවරුන්ට රැකියාවට යාමට වාහන ලබා දිය නොහැකි බව ඔහු පැවසීය.