කොටි කොච්චර කෑ ගැහුවත් අපි ලන්ඩන් යනවා.. නාමලුත් ලෑස්තියි - මිලින්ද කියයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා තම X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, ලබන සතියේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් යුනියන් සහ කේම්බ්‍රිජ් යුනියන් ඇමතීමට ආරාධනා ලැබ ඇති බවයි.

ඔහු සඳහන් කළේ, LTTE ඩයස්පෝරාව මෙම වැඩසටහන් නවත්වීමට දැඩි බලපෑම් කරමින් සිටින බවත්, ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් මෙම අවස්ථාව හෑල්ලු කිරීමට අලුත් කැම්පේන් එකක් ආරම්භ කර ඇති බවත්ය.

ඩයස්පෝරාවෙන් නාමල්ට ප්‍රබල විරෝධයක් - නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනයත් අවලංගු වෙයි

ඩයස්පෝරාවෙන් නාමල්ට ප්‍රබල විරෝධයක් - නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනයත් අවලංගු වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මිලින්ද රාජපක්ෂ ෆේස්බුක් සටහනකින් කියා සිටියේ;

"කොටි කොච්චර කෑ ගැහුවත් අපි ලන්ඩන් යනවා. Namal Rajapaksa ලබන සතියේ Oxford Union සහ Cambridge Union ඇමතීමට ආරාධනා ලැබ සිටිනවා. එම වැඩසටහන් නවත්වන ලෙස කොටි ඩයස්පෝරාව මේ වනවිටත් විශාල බලපෑමක් කරමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් මේ අවස්ථාව හෑල්ලු කරන්න අලුත් කැම්පේන් එකක් අද පටන් අරගෙන තියනවා. බල්ලෝ බිරුවට හද පායනවා."

LTTE ඩයස්පෝරාවේ විරෝධතාවයන් නිසා මෙම ආරාධනා අවලංගු කිරීමට බලපෑම් ඇති වුවද, දැනටමත් වැඩසටහන් නවත්වීමට තීරණයක් නොමැති බව වාර්තා වෙනවා.

වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා

වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා