කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් මෙන්න සුපිරි විසඳුමක්.! - රිලවුන් චීනයේ සත්වෝද්‍යානවලට සහ වෙනම දුපතකට.
මෙරට රිලවුන් චීනයේ සත්වෝද්‍යාන වලට ලබා ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ලැබුණහොත් ඒ ගැන සලකා බැලීමට හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසා තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ, රිලවුන් හුදෙකලා දූපත්වලට ගෙන ගොස් දැමීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති බවයි.
මාධ්‍ය හමුවක් අමතමින් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සඳහන් කර ඇත්තේ, ගම්මාන වල පමණක් නොව කොළඹ පදිංචි ජනතාවටද රිලා ගැටලුව අද ඇතිවී තිබෙන බවත්,රිලා ප්‍රශ්නය විසඳීමට දිගුකාලීන විද්‍යාත්මක විසඳුමක් ඉදිරිපත්ව තිබුණත් මේ මොහොතේ එය විසදීමට කෙටි කාලීන හා මැද කාලීන විසඳුමක් අවශ්‍ය බවත්ය.
එමෙන්ම ,ජනතාවට මේ සඳහා ක්ෂණික විසඳුමක් බලාපොරොත්තු වුවත් ක්‍ෂණික විසඳුමක් එක්වරම ලබාදීමට හැකියාවක් නොමැති බවත් ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවේදී එළියට දායි. - එම නම් ලිස්ට් එක මෙන්න.
You may like this video