"අධිකරණ ඇමති බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකෙන්" - නාමල්ගෙන් සැර ප්‍රහාරයක්

Report

මට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ. පැය පහ හයක් බලන්න බැරි හින්දා දන්නේ නැහැ කිව්වා, බැරි වෙච්ච හින්දා දන්නේ නැහැ කිව්වා. මැරිච්ච ගාන හොයාගන්නේ ෆේස්බුක් එකෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය

ඔහු මේ බව ප්‍රකාශ කලේ   පසුගිය දා  කෝට්ටේ පැවති රැස්වීමකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ​  සදහන් කළේ මෙවන් අදහසක්


අද ආණ්ඩුව බලයට ආවේ අසීමිත බොරු කියලා. දැන් අපේ හාමුදුරුවනේ ආණ්ඩුව කියපු බොරු ටික ඔප්පු කරගන්න විදිහක් නැතුව, ආණ්ඩුව කියපු බොරු ටික ඔප්පු කරගන්න විදිහක් නැතුව ඒ බොරුව වහන්න තවත් බොරුවක් කියනවා. ඒ කියන බොරුව වහන්න තවත් බොරුවක් කියනවා. ​බලාපොරොත්තු දුන්නා තරුණ පරම්පරාවට, වැඩිහිටියන්ට. ඒ බලාපොරොත්තු සුන් කරලා දැම්මා මේ ආණ්ඩුව. උපාධිධාරීන්ව ගෙයින් ගෙට යැව්වා, බලයට ආපු ගමන් රස්සා දෙනවා කියලා.දැන් බලයට ආවට පස්සේ මොකක්ද කරේ? රස්සාව ඉල්ලන් ආපු උපාධිධාරීන්ට පොලීසියෙන් දාලා ගහලා පැන්නුවා. ​අද කර්මාන්තශාලාවක් අලුතෙන් ආයෝජනය කරන්න කෙසේ වෙතත්, තියෙන කර්මාන්තශාලා වැහිලා යනවා.අපිට ඉන්නවා කම්කරු ඇමතිවරයෙක්, අර හාම්පුතාගේ පැත්ත ගන්න. සේවකයාගේ පැත්ත ගන්න එක නෙවෙයි. ඔහු සේවකයා වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ.

දේශපාලන බලපෑම් ළඟ තවත් රූකඩයෝ වෙන්න බෑ.. රයිගම් උඩුගහපත්තුවේ සමූපකාර සභාපති සහ උප සභාපති ඉල්ලා අස්වෙයි

දේශපාලන බලපෑම් ළඟ තවත් රූකඩයෝ වෙන්න බෑ.. රයිගම් උඩුගහපත්තුවේ සමූපකාර සභාපති සහ උප සභාපති ඉල්ලා අස්වෙයි

 මැදපෙරදිග යුද්ධය නිසා සංචාරක ව්‍යාපාරයේ බලපෑම ලංකාවට විතරක් තියෙන්න විදිහක් නැහැ. ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ, විකල්ප දෙන්න ඕනේ. වියදම අඩු කරගන්න, සංචාරක ව්‍යාපාරයේ උදවියට සහනයක් දෙන්න ඕනේ. ඒ තුළ අපි කලාපයේ අනෙක් රටවල් එක්ක සන්සන්දනාත්මකව බලනකොට, අපේ ව්‍යාපාර ක්ෂේත්‍රය ඇතුළේ අපිට ඔවුන් එක්ක තරඟ කරන්න පුළුවන් පිරිවැයට මේක අවම කරලා දෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුව ඒක කරන්නේ නැතුව දිනෙන් දින බදු ගහනවා. නිෂ්පාදන ආර්ථිකය කඩන් වැටෙනවා.

ජීවන වියදම බලන් ඉද්දි ඉහළ යන්නේ. ආණ්ඩුව ගේනවා බාල ගල් අඟුරු. බාල ගල්අඟුරු ගෙනාපු ආණ්ඩුව, අපේ හාමුදුරුවනේ, මගේ ආදරණීය අම්මේ තාත්තේ මිත්‍රවරුනේ, ඒ පාඩුව, ඒ වෙච්ච අලාභය, ඒ හොරකම නිසා, ඒ වංචාව නිසා වෙච්ච පාඩුව මකා ගන්නේ කොහොමද? ​ඒ පාඩුව ජනතාව පිට පටවනවා. දිනෙන් දින විදුලි බිල වැඩි කරනවා, ජල බිල වැඩි කරනවා, තෙල් මිල වැඩි කරනවා, රුපියල් සීයක් වැඩි කරලා විස්සක් අඩු කලාම අප්පුඩි ගහනවා. මේක තමයි ආණ්ඩුවේ න්‍යාය පත්‍රය. ජීවන වියදම එන්න එන්න වැඩි වෙනවා. අපි කලාපීය රටවල් එක්ක, ලෝකයේ රටවල් එක්ක සංසන්දනාත්මකව බලනකොට ජීවන වියදම වැඩිම නගරයක් බවට කොළඹ නගරය අද පරිවර්තනය වෙලා තියෙනවා. ​ආණ්ඩුව හිතනවා නම් මේ රටේ දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ බඩට ගහලා, ආණ්ඩුව පෝසත් කියලා අපිට ට්‍රිලියනයක් සල්ලි තියෙනවා කියලා පම්පෝරි ගහන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා. එයාගේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ. පැය පහ හයක් බලන්න බැරි හින්දා දන්නේ නැහැ කිව්වා, බැරි වෙච්ච හින්දා දන්නේ නැහැ කිව්වා. මැරිච්ච ගාන හොයාගන්නේ ෆේස්බුක් එකෙන් අධිකරණ ඇමති. ​මේ ආණ්ඩුව මේකට වගකියන්න ඕනේ. අද ඔබ දන්නවා මේ අපේක්ෂා කරපු අම්මලා තාත්තලා මේක දන්නවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් - හේතුව මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් - හේතුව මෙන්න

ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයකට මේ රටේ තරුණ පරම්පරාව ගොදුරක් බවට පත්වෙනවා. සියයට හැටකට වඩා ඉන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය. ඒ අය පුනරුත්ථාපනය කරන්නේ නැතුව හිරගෙවල් වල දාලා හරියන්නේ නැහැ. 2020 සිදුවීමත් එක්ක, මහර සිදුවීමත් එක්ක වාර්තාවක් හැදුවා සම්පූර්ණයෙන්ම මේක රිෆෝම් වෙන්නේ කොහොමද කියලා. අපේ හාමුදුරුවනේ, සම්පූර්ණයෙන්ම මේ ක්‍රමවේදය වෙනස් කරලා මේ පීඩනය අවම කරගන්නේ කොහොමද කියලා. ආණ්ඩුව ඒක ගනන් ගත්තේ නැහැ. ඒ වාර්තාව විසික් කරලා දැමුවා. හොරුන්ට අලුතෙන් බන්ධනාගාර හදන්න තිබ්බේ, ඒක නැවැත්තුවා. හැමදේම මාධ්‍යයට දාගන්න ඕන හින්දා දරුවෝ ටික ගිහිල්ලා ඇතුලට දානවා.

ඔන්න ඔය ආකාරයට වඩා පුනරුත්ථාපන වැඩපිළිවෙලක් ආණ්ඩුව හදන්න ඕනේ. ඒවට සැලසුම් හදලා තිබ්බේ. ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා විතරයි ආණ්ඩුව වෙනස් වුණේ. අද 11,000ක් දාන්න පුළුවන් තැනට 45,000ක් දාගෙන වහලා. අඩු ගානේ නිලධාරීන්ට, අඩු ගානේ ඒකට අවශ්‍ය නිලධාරී ටික දෙන්න. නැහැ, 3,000ක් රැඳවියෝ ඉන්න තැනට 180කට බලාගන්න කියනවා. බන්ධනාගාරය ඇතුළේ වෙන සිදුවීම් පිළිබඳව හොයලා බලන්න ආණ්ඩුවේ බුද්ධි අංශ දුර්වලයි. බන්ධනාගාරය ඇතුළේ යම් සිදුවීමක් සිද්ධ වෙනවා නම්, බුද්ධි අංශ තොරතුරු ආණ්ඩුවට තියෙන්න ඕනේ ඒකට ක්‍රියාත්මක වෙන්න. එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ. ඇමතිවරයා ෆේස්බුක් එකේ බලන් ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. ඒ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ගන්න ඕනේ.

රි කවුද, වැරදි කවුද කියන කාරණය පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ. ​තාම ඒ අහිංසක ජීවිත, 30කට ආසන්න ප්‍රමාණයක ජීවිත අහිමි වුණා, ඒ මරණයේ උණුසුම තාම ගිහිල්ලත් නැහැ. ඒ හින්දා මම ඒකේ හරි වැරදි ගැන මම කතා කරන්න යන්නේ නැහැ. හරි වැරදි ගැන කතා කරන්න ඒකට වෙලාවක් එනවා.බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වෙච්ච පළවෙනි අවස්ථාව. මේ අවස්ථාව. 2012 ඔබට මතක ඇති. ඒක දේශපාලනීකරණය කරපු විදිහ.මම ඒකට ලෑස්ති නැහැ. මම ඒක දේශපාලනීකරණය කරන්න යන්නේ නැහැ. ඒ දෙමව්පියන්ගේ වේදනාව අපිට දැනෙනවා. ඒ රැඳවියන්ගේ, ඒ නිලධාරීන්ගේ, දරුවන්ගේ වේදනාව අපිට තේරෙනවා. ඒ අම්මා තාත්තාගේ වේදනාව අපිට තේරෙනවා. ඒ හින්දා අපි ඒ වේදනාව උඩින් මේක දේශපාලන කාරණයක් කරන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. හැබැයි මේක ගැන හොයන්න ඕනේ. ​මේක ගැන හොයන්න ඕනේ විතරක් නෙමෙයි, නියෝග දුන්නැත්තේ ඇයි කියලා හොයන්නත් ඕනේ. අද ඇමතිවරයාගේ මූණට කියනවා අපිට නියෝග හම්බුණේ නැහැ කියලා. නියෝග දුන්නා නම් දුන්නේ කවුද කියලත් හොයන්න ඕනේ. ඇයි දුන්නැත්තේ කියලත් හොයන්න ඕනේ. මේක පිටිපස්සේ සැඟවිච්ච රහසක් තියෙනවාද කියලා හොයන්න ඕනේ. මෙවැනි සිදුවීම් තුළ මේ රටේ සමාජ ව්‍යසනයකට රට ඇරගෙන යන්න සැලැස්මක් තියෙනවාද කියලා මේකට හොයන්න ඕනේ. මොකද අපිට... අපේ හිතේ සාධාරණ සැකයක් තියෙනවා. 

රට පුරාම සිටින ජනතාවගේ අවධානයට- ගිනි නිවීමේ හදිසි අංකය විසන්ධි වෙයි විකල්ප අංකය මෙන්න

රට පුරාම සිටින ජනතාවගේ අවධානයට- ගිනි නිවීමේ හදිසි අංකය විසන්ධි වෙයි විකල්ප අංකය මෙන්න

 අද බලය රඳවා ගැනීමේ න්‍යාය පත්‍රයත් ඒ සමාජ ව්‍යසනයක පීඩනයක් ඇතුළෙන් ක්‍රියාත්මක කරනවාද කියන කාරණය පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕනේ. අද මේ නාගරික ප්‍රදේශවල ජීවත් වෙන අම්මලා තාත්තලාට තේරෙනවා තියෙන ජීවන වියදම. අද අපේ ගම්වල දෙමව්පියන්ට ඒක දැනෙනවා අපේ හාමුදුරුවනේ. වී වලට මිලක් නැහැ, ආණ්ඩුවෙන් පොහොර දෙනවා, පොහොර ගහලා ඉවර වුණාම ඒ පොහොර වල පලක් නැහැ, රුපියල් 18,000ට 20,000ට පොහොර ටික ගන්න ඕනේ.

ගුවනේදී ජනේලයක් ගැලවී මගියෙක් එළියට ඇදෙයි - රයන්එයාර් යානයක සිදු වූ මරණීය බියකරු අත්දැකීම

ගුවනේදී ජනේලයක් ගැලවී මගියෙක් එළියට ඇදෙයි - රයන්එයාර් යානයක සිදු වූ මරණීය බියකරු අත්දැකීම

ගාල්ලට යනකොට මාදුගොඩ මන්ත්‍රීතුමා ඉන්නවා, ගාල්ලේ යනකොට කුඩා තේ වතු හිමියාගේ තේ දළු වලට ලැබෙන මිල අඩු වෙලා තියෙනවා. එදා මිල අඩු වෙනකොට උද්ඝෝෂණය කරා කිව්වා. එදා තෙල් මිල වැඩි කරනකොට ඇමතිගේ සාක්කුවට සල්ලි යනවා කිව්වා. මේ කාරණා පිළිබඳව අද ආණ්ඩුව කිසිම තැකීමක් නැතුවඇහුම්කන් දෙන්නේ නැතුව, අර අපේ භාෂාවෙන් කියනවා නම් IRC පාර්ට් එකෙන් ආණ්ඩුව දුවන්න හදනවා. දැන් අපි ආණ්ඩුවේ 159 දෙනෙක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. මම අපේ හාමුදුරුවනේ හිතුවේ 159 විතරයි පාර්ලිමේන්තුවේ පාපිසි කියපු එක්කෙනා මල්පෝච්චියක් කියලා. බලනකොට කියපු එකා ඊට වඩා ලොකු පාපිස්සක්. ​ඉතින් ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණා කරලා දැන්වත් බොරුව නවත්තන්න. බොරුව නවත්තන්න. අද ජනතාව ඒකරාශී වෙනවා. අපි යන හැම ගමකම අපේ දෙමව්පියෝ, තරුණ පිරිස්, අපි වටා ඒකරාශී වෙනවා. අපිට වැඩපිළිවෙලක් තිබ්බා, අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය කියන්නේ, අපේ හාමුදුරුවනේ ඔබේ දරුවාගේ දේශපාලන බලවේගය. ​මේ නාගරික ජනකොටස් සංවර්ධනය කිරීමේ සැලැස්මක් අපි ගාව තියෙනවා. අපි ඒක පටන් ගත්තා. අපි ඒක පටන් ගත්තා. එදා පැල්පත් නිවාස, වතු වල ජීවත් වෙච්ච තරුණයාට අද මහල් නිවාසයක ජීවත් වෙන්න තරුණයෙක් බවට පරිවර්තනය කරපු සමාජ පරිවර්තනයක් කරන්න අපි වැඩකටයුතු ආරම්භ කෙරුවා.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්

ඒවා ඉස්සරහට යන්න ඕනේ.ඒවා ඉස්සරහට ගෙනියන්න ඕනේ. නව රැකීරක්ෂා උත්පාදනය වෙන්න ඕනේ. මේ ප්‍රදේශ වල ඉන්නේ බහුතරයක් දෛනික ආදායම් ලබන අය. තමන්ගේ දෛනික ආදායමටත් බද්දක් වදිනවා නම්, ඒ බද්ද දරාගන්න බැරි නම්, මේ වටපිටාවේ පරිසරය පිරිසිදුව තියාගන්න බැරි නම්, ආයේ එහෙම ආණ්ඩුවකින් වැඩක් නෑ. ​අද නමට 'ක්ලීන් ශ්‍රී ලංකා'. බැලූ බැලූ තැන ඩෙංගු. ආණ්ඩුව කියනවා ඩෙංගු පොකුරක් ඕනෙලු දුම් ගහන්න. හිතන්නකෝ. අද මේ ආණ්ඩුවේ පොකුරක් එනකන් ඉන්නවා නම් දුම් ගහන්න ඩෙංගු වලට, මේ ආණ්ඩුව තියෙනකොට කොවිඩ් ආවා නම් මොකද වෙන්නේ? හිතාගන්න බැරි වෙනවා වෙන දේ. කොවිඩ් පොකුරක් ඕනේ කියයි නිරෝධායනය කරන්න. කෝවිඩ් පොකුරක් ඕනේ කියයි බෙහෙත් ගහන්න. ​අද කිසිම නායකත්වයක් නැති ආණ්ඩුවක්, ජනතාවට සංවේදී නැති ආණ්ඩුවක්.

හැඩකාර යුරේනිගේ අලුත්ම රූප පෙළකට සමාජ මාධ්‍ය උණුසුම් වෙයි!

හැඩකාර යුරේනිගේ අලුත්ම රූප පෙළකට සමාජ මාධ්‍ය උණුසුම් වෙයි!