රට පුරාම සිටින ජනතාවගේ අවධානයට- ගිනි නිවීමේ හදිසි අංකය විසන්ධි වෙයි විකල්ප අංකය මෙන්න

Report

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ හේතුවෙන් ගිනි ගැනීම් හෝ ගිනි හදිසි තත්ත්වයන් වාර්තා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

හදිසි ඇමතුම් සේවාව යථා තත්ත්වයට පත් කළ වහාම ඒ පිළිබඳව දැනුම් දෙන බවද ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

කටුනායකින් පිටත් වූ TK-731 යානයට අහසේදී වූ මාරක අනතුර - පැය තුනක බියකරු අවෑමකින් පසු යානය බස්සයි

කටුනායකින් පිටත් වූ TK-731 යානයට අහසේදී වූ මාරක අනතුර - පැය තුනක බියකරු අවෑමකින් පසු යානය බස්සයි