ලාල්කාන්ත සරත් ෆොන්සේකා හමුවේ
කෘෂිකර්ම අමාත්‍යක කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන්නේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත සමග යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇතත් ඔහුට තනතුරක් ලබා දීමට කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවයි.
මහනුවරදී පැවැති වැඩසටහනට එක් වූ කෘෂිකර්ම අමාත්‍යක කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේ,
“සරත් ෆොන්සේකා මහතා සමඟ යම් යම් කරුණු පිළිබඳ කොතෙක් සාකච්ඡා කොට ඇතත් ඔහුට තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ආණ්ඩුව සිදු කර නැහැ. අනෙක ඒ මහතා කිසිදු තනතුරක් ආණ්ඩුවෙන් මේ වනතුරු ඉල්ලා නැහැ”