පොහොට්ටුව දෙකඩ කළේ රනිල් ද? නාමල් ද?

SLPP Namal Rajapaksa Ranil Wickremesinghe Current Political Scenario Sinhala news
By Shehan May 18, 2025 08:34 AM GMT
Shehan

Shehan

Report

නාමල් රාජපක්ෂ තැන තැන කියනවා, රනිල් වික්‍රමසිංහට උදව් කිරීමෙන් පක්ෂය බෙදුණා කියලා. නමුත් ඔහුගේ මේ කතාව විග්‍රහ කළොත්, රාජපක්ෂලාගේ දේශපාලන බංකොලොත්භාවය ජනතාව ඉදිරියේ තවත් හෙළිවෙනවා. රාජපක්ෂලා දේශපාලන වශයෙන් කිහිප වතාවක්ම ජනතාව ඉදිරියේ “නිරුවත්” වුවත්, ඔවුන් ආයෙත් එසේ වීම ලොකු දෙයක් නොවෙයි.

නාමල්ලාගේ කතාවලින් රාජපක්ෂලාගේ දේශපාලන අපිරිසිදුකම රට පුරා “ගඳ” ගසනවා. එම කතාවලට නිකම් නහය වසාගෙන සිටීමෙන් වැඩක් නැහැ. නාමල් දැන් කියන්නේ, රනිල්ට උදව් කිරීම ගැන කතාවක්. ඔවුන් කියනවා, මහින්ද ඉල්ලා අස්වී රනිල්ට අගමැතිකම දුන්නා, පසුව ගෝඨාභය ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වී රනිල්ට ජනාධිපතිකම දුන්නා වගේ දේවල්.

නමුත් මතක තබාගත යුතුයි: 2022 ජූලි 9 වැනිදා ජනතාව රාජපක්ෂලා බලයෙන් පන්නා දැමුවා. මැයි 9 වැනිදා මහින්ද, ජූනි 9 වැනිදා බැසිල්, ජූලි 9 වැනිදා ගෝඨාභය බලයෙන් ඉවත් කෙරුණා. නාමල් ඇතුළු පිරිසක් “මහ මුහුදේ” හංගාගෙන, ගෝඨාභය සිංගප්පූරුවටත්, වෙනත් අය ඕස්ට්‍රේලියාවටත්, බංකර්වලත් හැංගුණා. අවසානයේ රටට ඉතිරි වුණේ රාජපක්ෂලා බංකොලොත් කළ රටක්.

මේ අර්බුදයේදී රාජපක්ෂලා පළමුව තෝරාගත්තේ ෆොන්සේකා, පසුව සජිත්, ඉන්පසු අනුර. ඔවුන් තිදෙනාම බාරගැනීම ප්‍රතික්ෂේප කළා. එවිට රාජපක්ෂලා හැරුණේ රනිල් වික්‍රමසිංහ දෙසට, ඔවුන්ගේ සිව්වැනි විකල්පය ලෙස. එවකට ජනාධිපති ධුරය බාරගැනීම “මරණ වරෙන්තුවකට” සමාන වුණා. රනිල් අසාර්ථක වුණා නම්, ඔහුටත් ගෝඨාභයට මෙන් ජනතාවගෙන් දඬුවම් හිමිවන්න තිබුණා.

රාජපක්ෂලා රනිල්ට බාරදුන්නේ බංකොලොත් රටක් සහ ජනතා නැගිටීමක්. ඒ මදිවට, ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීමත් රනිල්ට පැවරුවා. රනිල් බලයට ආ විගස, සියලු දෙනාට රට හදන්න එකතු වෙන්න ආරාධනා කළා. නමුත් සජිත් හෝ අනුර එවකට උදව් කළේ නැහැ. රනිල්ට ඉතිරිව තිබුණේ ඉන්න පිරිසත් එක්ක රට ගොඩනැගීමේ වැඩේ පටන් ගන්න එකයි.

එහිදී, විවිධ චෝදනා තිබුණු බොහෝ දෙනා රනිල් සමග එක්ව රට වෙනස් කිරීමට දායක වුණා. දිනේෂ්, මහින්දානන්ද, කංචන, ප්‍රසන්න, ලන්සා වැනි අයට වෙනස් විය හැකි වුණා. නමුත් රාජපක්ෂලාට වෙනස් වීමට බැරි වුණා. ඔවුන් පරණ වැඩවසම් ආකල්පවල රැඳී සිටියා.

පොහොට්ටුවේ බහුතරය රනිල් සමග එක්වුණා. රාජපක්ෂලා එළියට ආවේ රටට යළිත් හතුරුකම් කිරීමටයි. IMF ණය වාරික ලැබෙන විට, බැසිල් ඇමති ධුර ඉල්ලුවා. රට බංකොලොත් කිරීමෙන් නොනැවතුණු ඔවුන්, ණය මුදල්වලින්ද “මංකොල්ල” කන්න හැදුවා. රාජපක්ෂලා සැමවිටම රනිල්ව තමන්ගේ උවමනාවන්ට යටත් කර ගන්න හැදුවා. එය බැරි වූ විට, නාමල්ලා රටට හතුරුකම් කළා.

පොහොට්ටුව බෙදුණේ රනිල් “දොල පිදේනි” දීමෙන් නොවෙයි. රාජපක්ෂලාගේ තක්කඩිකම් තවදුරටත් ඉවසිය නොහැකිව, පොහොට්ටුවේ බහුතරය රනිල් සමග එක්වුණා.

මේ අතර, සජිත් ප්‍රේමදාස එදා රනිල්ට චෝදනා කරමින්, ඔහු දූෂිතයන් ආරක්ෂා කරන බවත්, නාමල්ව “වැල් පාලමේ එගොඩ” කරන බවත් කිව්වා. නමුත් අද, සජිත් පළාත් පාලන බලය ගැනීමට නාමල් සහ පොහොට්ටුවට ආරාධනා කරනවා. මේ තත්වය යටතේ, සජිත් සහ නාමල් “රෙදි ඇඳගෙනද” මෙවැනි ගනුදෙනු කරන්නේ?

ඉතින්, මේ සියල්ලට වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහද? 

ReeCha