නාමල්ට පස්සේ සිරිලියත් හිරවෙයි.. දැවැන්ත මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න CIDට නියෝග

Report

මහරගම අපේක්ෂා පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට ආධාර ලබා ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ යන්ත්‍රය මිලදී ගැනීමට ආධාර උපකාර කරන ලෙස කළ ඉල්ලීමකට අනුව, 'සිරිලිය සවිය' පදනම මඟින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුමකට රුපියල් මිලියනයක මුදලක් තැන්පත් කර තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසත් නීතිපතිවරයා මෙසේ දැනුම් දී ඇති බව සඳහන්.

මීට පස්සේ මේ අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති වෙන්නෑ - සියලුම පොලිස් ස්ථානවලට නියෝගයක්

මීට පස්සේ මේ අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති වෙන්නෑ - සියලුම පොලිස් ස්ථානවලට නියෝගයක්

එසේම විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, අදාළ ආධාර ඉල්ලීම 'සුව උදාන' නම් ව්‍යාපෘතියක් ඔස්සේ සිදු කර තිබුණද, එම මුදල් බැර කර ඇත්තේ 'සිරිලිය සවිය' පදනමේ ගිණුමකට බවයි.

ඒ අනුව රුපියල් මිලියන 50ක් පමණ වටිනා PET ස්කෑනර් යන්ත්‍රයක් චීනයෙන් පරිත්‍යාගයක් වශයෙන් මෙරටට ලැබීමට නියමිත බවට තහවුරු වී තිබියදීත්, එවැනි යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් පුද්ගලික බැංකුවලින් පවා ආධාර එකතු කර තිබෙන බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතු වී ඇති බව සඳහන්.

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්

එමෙන්ම පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත උපකරණයක් මිලදී ගැනීමට යැයි පවසමින් මෙසේ මුදල් රැස් කිරීම 'සාපරාධී සාවද්‍ය පරිහරණයක්' විය හැකි බව ද විමර්ශන අංශ පෙන්වා දෙන බව වාර්තා වේ.

එබැවින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන සතියක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දී ඇති බව සඳහන්.  

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රී ලන්කන් ගුවන් යානා ගුවන් මඟ වෙනස් කරයි - ගුවන්තොටුපොළ කිහිපයක ගුවන් ගමන් අත්හිටුවීමට තීරණ

ශ්‍රී ලන්කන් ගුවන් යානා ගුවන් මඟ වෙනස් කරයි - ගුවන්තොටුපොළ කිහිපයක ගුවන් ගමන් අත්හිටුවීමට තීරණ