සාවද්‍ය තොරතුරුවලට විරුද්ධවන බවට දිවුරා පොරොන්දු වෙන නලින්ද[PHOTOS]
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්‍රකාශනයට අත්සන් තබා ඇත.
ඒ කාම්බෝජයේ, සියම් රීප් හි පැවති 20 වන ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේ දීයි.
ඒ අනුව මෙම ප්‍රකාශනයෙන් ආසියා ශාන්තිකර කලාපයේ සිටින අමාත්‍යවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් සාවද්‍ය තොරතුරුවලට විරුද්ධව කලාපීය උත්සාහයන් ශක්තිමත් කිරීමට සහ තොරතුරු අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ලබන බව සඳහන්.
මෙම විකාශන සංවර්ධනය සඳහා වන ආසියා ශාන්තිකර විකාශන ආයතනය (AIBD)මඟින් සංවිධානය කළ කාම්බෝජයේ තොරතුරු අමාත්‍යාංශයෙන් පවත්වන ලද ආසියානු මාධ්‍ය සමුළුවට කලාපයේ රටවල මාධ්‍ය විෂය භාර අමාත්‍යවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ වෘත්තිකයන් ඇතුළු විදේශීය නියෝජිතයින් 200 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී තිබෙනවා.
එසේම මෙම සමුළුව කාම්බෝජයේ දී ආරම්භ කර ඇත්තේ ජූලි 22 වන දිනයි. ඒ කාම්බෝජයේ තොරතුරු අමාත්‍ය නෙත් ෆීක්ත්‍රා (H.E. Neth Peaktra) සහ ආසියා ශාන්තිකර විකාශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෆිලෝමේනා ඥානප්‍රගාසම් (Ms Philomena Gnanapragasam) මහත්මියගේ දේශන සමඟින්.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජූලි 23 වන දින කාම්බෝජයේ සියම් රීප් වෙත පැමිණි තිබුණා.
ඉන්පසු එහි දී ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගි වී තිබෙනවා.
ඒ අනුව අඳාළ ද්විපාර්ශ්වික සාකච්ඡාව අමාත්‍යවරයා පවත්වා ඇත්තේ කාම්බෝජ රජයේ තොරතුරු අමාත්‍ය, ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ප්‍රකාශිකා සහ රාජ්‍ය අමාත්‍ය හීනා වලීඩ් මහත්මිය (H.E. Heena Waleed), මාලදිවයින් දූත පිරිස, ආසියා ශාන්තිකර විකාශන ආයතනයේ විධායක ප්‍රධානී ෆිලොමිනා ඥාණප්‍රගාසම් මහත්මිය (Ms Philomena Gnanapragasam) ඇතුළු ආයතනයේ නිලධාරීන් සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සමඟයි.
මෙම අවස්ථාවේදී “තොරතුරු පරිපූර්ණත්වයෙන් බෙදා හැරීමේ අඛණ්ඩතාව වෙනුවෙන් වන විශේෂ නියෝජිත” නම් වූ ඇගයීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සිදු කරන ලද මහඟු සේවය සහ කැපවීම අගය කරමින් අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කාම්බෝජ රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වන නෙත් පීක්ට්‍රා මහතා (H.E. Neth Pheaktra) වෙත පිරි නමා ඇත.
මේ අතර 2026 වර්ෂයේ දී මාලදිවයිනේ දී 21 වන ආසියානු මාධ්‍ය සමුළුව පවත්වන බවට නිවේදනය කිරීමත් සමඟ මෙම සමුළුව සමාප්ත වූ බව වාර්තා වේ.







