නලින්ද ජයතිස්ස ටිරාන්ව බේරන්න හැදුවද? (VIDEO)

Report

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍යවරයෙකු වන ටිරාන් අලස්ගේ නිවසේ සැඟවී සිටින බවට සමාජයේ මතුව ඇති කතාබහක් සම්බන්ධයෙන් අද (11) මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්න කළා.

ඒ, අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

ලබන 17 කෙහෙළියගේ බැංකු ගිණුම් වලට කරන්න යන දේ මෙන්න

ලබන 17 කෙහෙළියගේ බැංකු ගිණුම් වලට කරන්න යන දේ මෙන්න

මාධ්‍යවේදියා: දැන් චෝදනාවක් එනවා, ජනාධිපතිතුමාට ටිරාන් එක්ක තියෙන සම්බන්ධය උඩ තමයි, දේශබන්දුව අත් අඩංගුවට නොගන්නේ කියලා. '

මාධ්‍යවේදියා: ජනතාව අතර මතයක් තියෙනවා ටිරාන් අලස්ගේ ගෙදර කියලා ඉන්නේ..?

මෙහිදී පිළිතුරු ලබා දෙමින් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම කරුණු සහ ඔත්තු පොලීසිය සැලකිල්ලට ගනු ඇති බවයි. ආණ්ඩුවේ අරමුණ දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම බවත් ඇතැම් තොරතුරු මත පදනම්ව නිවාස කිහිපයක් පරීක්ෂා කළ නමුත් තවමත් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියා.