මේවට හේතුව ගිය ආණ්ඩුවේ වැරදියි
එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම පිළිබඳව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
පසුගිය රජය සමඟ අත්සන් කළ ගිවිසුම්වලින් ඇතිවූ යම් තාක්ෂණික ගැටළු හේතු බව පවසයි.
ඔහු පැවසුවේ, මෙම ගැටළු අප්‍රේල් මාසය වනවිට විසඳා ගැනීම සදහා පෙර අපේක්ෂාවක් තිබූ බවයි.
අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී, එම ව්‍යාපෘතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළහ..