වැඩ බැරි ටාසන්ලා පැත්තකට කරලා අලුත් ටීම් එකක් ගන්න - නලින් බණ්ඩාර

Report

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ වත්මන් කැබිනට් මණ්ඩලය සමඟ රටට ඉදිරියට යා නොහැකි බවත් වැඩ බැරි ටාසන්ලා පැත්තකින් තබා 159 දෙනා අතුරින් අලුත් කණ්ඩායමක් පත්කරගන්නා ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන බවත්ය.

ඔහු මේ බව සඳහන් කලේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ඉන්ධන මිල පහතට? ලංකාවට ලාභයෙන් ඉන්ධන ගන්න ගිවිසුමක්

ඉන්ධන මිල පහතට? ලංකාවට ලාභයෙන් ඉන්ධන ගන්න ගිවිසුමක්

නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ආණ්ඩුවේ බහුතරයක් ඇමතිවරු වැඩකරන බවක් පෙනෙන්නට නැති බව මෙන්ම කැබිනට් සංශෝධනයකට යන ලෙස තමන් තවදුරටත් පවසන බවයි.

එහිදී වැඩිදුරටත් පැවසු නලින් බණ්ඩාර මහතා,

පහුගිය ටිකේ නඩු ගණනාවක් ගැන කතා වුණා. තාම ක්‍රියාත්මක වෙන්නේ වසර ගණනාවක්,විශේෂයෙන් යහපාලන කාලේ ක්‍රියාත්මක වුණු නඩු. අලුතෙන් නඩු වැටෙනවා නම් ෆයිල් තියෙනවා නම් ඒවා වහාම ක්‍රියාත්මක කරන්න. අපිටත් අවශ්‍යයි පිරිසිදු කරලා රට ඉස්සරහට යන්න. හැබැයි නඩු වලින් විතරක් රට ඉස්සරහට යන්නේ නැහැ. වැඩ කරන්න ඕනේ. අවශ්‍ය නීති රීති අණ පනත් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිට පෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ ඇමතිවරු අතිබහුතරයක් වැඩ කරනවා කියල. අතේ ඇඟිලි ගානට අඩුයි වැඩ කරනවා කියල ටිකක් හරි දැනෙන ඇමතිවරු ඉන්න ගාන. මම ජනාධිපතිවරයට යෝජනා කරනවා ඔයගොල්ලන්ට 159ක් තියෙනවා. දැන් අවුරුදු භාගයකට වැඩි කාලයක් ගතවුණා.කැබිනට් රිෂපල් එකක් කරන්න. වැඩකරන්න බැරි අය පැත්තකට තියල, වැඩබැරි ටාසන්ලා පැත්තකට තියල 159ක්ම ඉන්නවනේ,තව ටීම් එකක් ටෙස් කරලා බලන්න. මේ කැබිනට් මණ්ඩලයත් එක්ක නම් රටට ඉස්සරහට යන්න බැහැ.” 

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්