ජාතික යොවුන් බොක්සිං පිටියේ කිරුළ නාලන්දාවට
By Malith Madushan
2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත පිරිමි ශූරතාව හිමිකර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය.
නාලන්දා විද්‍යාලය ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.
තරගාවලියේදී කිලෝග්‍රෑම් 47-50 බර පන්තියේ රන් පදක්කම ජී.වී.පී. මිහිරාන් දිනාගත් අතර, කිලෝග්‍රෑම් 55-60 බර පන්තියේ රන් පදක්කම එල්.එන්.පී. කුලරත්න දිනා ගත්තේය.
එමෙන්ම කිලෝග්‍රෑම් 60-65 බර පන්තියේ රන් පදක්කම එල්.එම්.එස්. මිහිරාන් විසින් හිමිකර ගත්තේය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ගැනීමට කිලෝග්‍රෑම් 55-60 බර පන්තිය නියෝජනය කළ එල්.එන්.පී. කුලරත්න සමත් විය. 2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලිය දියගම බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.